Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th April 2021 06:04:23 Hours

කුට්ටිගල කඳවුරේ භටපිරිස් ගොවීන් අතර බෙදා හැරීම සඳහා බඩ ඉරිඟු බීජ නිෂ්පාදනය කරයි

1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කුට්ටිගල ස්ථාපිත ඒකකය විසින් බඩඉරිඟු වගාව පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම පිණිස බිත්තර බීජ සඳහා බීජ නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් පසුගිය සෙනසුරාදා (17) වන දින ආරම්භ කරන ලදී. ඒ සඳහා ඇඹිලිපිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්ම නිලධාරීන් සහ ඇඹිලිපිටිය කෘෂිකර්ම මණ්ඩලයේ උපදේශන නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සංවිධානය කරන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමා විසින් සංකල්පිත තුරු මිතුරු නව රටක් වන ව්‍යාපෘතියට සමගාමීව ආරම්භ කළ මෙම නව ව්‍යාපෘතිය තුළින් ප්‍රදේශයේ මහජනතාවට සහ යුද්ධ හමුදාවේ බඩඉරිඟු වගාවෙහි නියුතු භට පිරිස් වෙත උසස් තත්ත්වයෙන් යුතු නව බීජ ලබා දීම අරමුණ වේ.

මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් චන්දන හඳුන්මුල්ල ගේ උපදේශකත්වයෙන් 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් සී. එස්. දේමුණි ගේ සම්බන්ධීකරණය මත ආරම්භ කරන ලදී.

උත්සවයේ සමාරම්භක කටයුතු කුට්ටිගල පිහිටි 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ නිලධාරී අණදෙන වී. අයි. එස්. එස්. සී. වීරකෝන් විසින් සංවිධානය කරන ලදී. අපනයන ප්‍රවර්ධනය සහ කුඩා වතු බෝග සංවර්ධනය පිළිබඳ කර්මාන්ත අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම් විසින් යුද්ධ හමුදා සාමාජිකයන් සහ බඩඉරිඟු වගාව පිළිබඳවත් වගාකරුවන් දිරිමත් කිරීම සඳහා ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතියෙහි වැදගත්කම පිළිබඳව ඇගයීමට ලක්කෙරිණි.

මෙම ව්‍යාපෘතියෙහි අධීක්ෂණ කටයුතු කෘෂිකර්මාන්ත නියෝජ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය විසින් සිදු කරන ලදී.