Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th April 2021 07:01:37 Hours

කොමිෂන් නොලත් නිලධාරීන් සඳහා රණවිරු තොරතුරු තාක්‍ෂණ පුහුණු ආයතනයේ පැවති සංයුක‍්ත තොරතුරු තාක්‍ෂණ (AIT) පාඨමාලාව සාර්ථකව අවසන් වේ

රණවිරු තොරතුරු තාක්‍ෂණ පුහුණු ආයතනයේ (RITTI) පවත්වනු ලැබු සංයුක‍්ත තොරතුරු තාක්‍ෂණ (AIT) පාඨමාලාව අංක 12 සාර්ථකව හැදෑරු භටපිරිස් සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය පසුගියදා යුද්ධ හමුදා භඨකාර්ය කාර්ය සම්පාදන පුහුණු පාසලේදී (ASL) පැවැත්විණි. යුද්ධ හමුදා භඨකාර්ය කාර්ය සම්පාදන පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් රංජන් ජයසේකර විසින් පාඨමාලාවේ සමාප්ති දේශණය සිදුකරන ලදී.

මෙම පාඨමාලාව සඳහා 53 වන සේනාංකයේ කොමිෂන් නොලත් නිලධාරීන් 35 දෙනෙකු සහ යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන පුහුණු පාසලේ කොමිෂන් නොලත් නිලධාරීන් 5 දෙනෙකු සහභාගී වූහ. පාඨමාලාවේ ප්‍රථම ස්ථානය 533 වන බලසේනාවේ සේවයේ නියුතු 6 වන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබල කේ.එම් සෙනවිරත්න විසින් හිමිකර ගත්තේය. මෙම පාඨමාලාව රණවිරු තොරතුරු තාක්‍ෂණ පුහුණු ආයතනයේ (RITTI) කාර්ය මණ්ඩලය විසින් මෙහෙයවන ලදී.

පාඨමාලාවේ සමාප්ති උළෙල සඳහා යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන පුහුණු පාසලේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සහභාගී වූහ.