Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th April 2021 20:27:30 Hours

යුද්ධ හමුදා භටපිරිස් යාපනය නගරයේ රෝහල් වාට්ටු සහ ජනාකීර්ණ ස්ථාන විෂබීජහරණය කරති

දිවයිනපුරා යළි ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් යාපනයේ භටපිරිස් ඉකුත් බ්‍රහස්පතින්දා (22) දින යාපනය ශික්‍ෂණ රෝහල් පරිශ්‍රය, බසාර් වීදිය සහ නගරයට යාබද ප්‍රදේශ සම්පූර්ණයෙන් විෂබීජහරණ කරන ලදී.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා විසින් ලබා දුන් මාර්ගෝපදේශයන්ට අනුව, යුද්ධ හමුදා භටපිරිස් 50 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ජල බවුසර් සහ දියර ඉසින යන්ත්‍ර භාවිතා කරමින් රෝහල් වටපිටාව, මාර්ග සහ ජනාකීර්ණ ප්‍රදේශ පැය කිහිපයක් තුළත විෂබීජහරණය කරන ලදී.