Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd April 2021 22:29:25 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යහසාධක අරමුදල පිළිබඳ යුද්ධ හමුදා භටපිරිස් දැනුවත් කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යහසාධක අරමුදල පිළිබඳ මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලන් දැනුවත් කිරිමේ වැඩසටහනක් පසුගිය දිනක මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යහසාධක අරමුදලේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ආර්.පී.එස් පද්මශාන්ත විසින් දේශණය මෙහෙයවන ලදී.

යුද්ධ හමුදාවේ වර්ෂ 2020 – 2025 ඉදිරි උපාය මාර්ගික සැලැස්මට අදාළව පවත්වනු ලැබු මෙම දේශනය ඉකුත් බදාදා (21) දින මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් උපාලි රාජපක්‍ෂ ගේ අධීක්ෂණය යටතේ සංවිධානය කරන ලදී.