Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th April 2021 12:07:06 Hours

අතුරුදහන් වු පිය පුතු දෙපලගේ දේහයන් සොයාගනී

හල්දුම්මුල්ල කළුපහන ප්‍රදේශයේ පිහිටි වේලුඔයේ දියනෑමට ගිය පිය පුතු දෙපලක් සැඩ පහරට හසුවී ඊයේ (15) දින අතුරුදන් විය. ඔවුන් සොයාගැනීමට මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානයේ භටපිරිස් පැය 18 කට අධික කාලයක් සිදුකල සෝදිසි මෙහෙයුමකින් පසුව අද (16) දින පෙරවරු 11.00 ට පමණ ඔවුන් දෙදෙනාගේ දේහයන් සොයාගැනිමට හැකිවිය.

මහරගම ප්‍රදේශයේ පදිංචි සිව් දෙනෙකුගෙන් යුත් පවුලේ සාමාජිකයින් අලුත් අවුරුදු නිවාඩුව සඳහා බදුල්ල බලා යමින් සිටියදී වේලුඔයේ දිය නෑමට නතර විය. මව ආහාර මිලදී ගැනීම සඳහා අසල පිහිටි වෙළඳසැලක් වෙත ගිය අතරතුර පියා, පුතා සහ දියණිය දිය නෑමට ගොස් ඇති අතර එහිදී ඔවුන් තිදෙනාම සැඩ පහරට හසුවී ගසාගෙන ගොස් ඇත.

කෙසේ වෙතත්, දියණිය පඳුරක් අල්ලාගෙන තම ජීවිතය බේරාගෙන තිබු අතර ප්‍රදේශවාසීහු මැදිහත්වී ඇයව බේරාගත්හ. කඳුකර ප්‍රදේශයේ ඇතිවූ අධික වර්ෂාපතනයත් සමඟ වේලුඔයේ ජල මට්ටම ඉහලයාම නිසා ඇතිවු දරුණු සැඩපහරට පියා සහ පුතා ගසාගෙන ගොස් ඇත.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත, මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානයේ භටපිරිස් බ්‍රහස්පතින්දා (15) දින සන්ධ්‍යාවේ සිට ගලවා ගැනීමේ මෙහෙයුම් දියත් කල අතර ඔවුන් වේලුඔය දිගේ පහලට ගසාගෙන ගොස් ඇති බවට සැකකර අනතුරට ලක්වූවන් සොයා ගැනීම සඳහා පැය 18 කට අධික කාලයක් පුරා සෝදිසි මෙහෙයුමක් දියත් කළහ. Authentic Nike Sneakers | nike fashion