Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th April 2021 07:00:22 Hours

යාපනයේ භටපිරිස් අඩු ආදායම්ලාභි පවුලක් වෙනුවෙන් තවත් නව නිවසක් ඉදිකරදෙයි

අයියකච්චි, කොවිල්වයල් ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභි පවුලක් වෙනුවෙන් දානපතින් සහ පරිත්‍යාගශීලින් කිහිපදෙනෙකුගේ අනුග්‍රහය ඇතිව යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානයේ භටපිරිස් විසින් තවත් නව නිවසක් ඉදිකරදෙන ලදී.

නිවාසලාභි වේලුසාමි සනදිනි මහත්මිය වෙත සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව නව නිවස භාරදීමේ උත්සවය හින්දු ආගමික වත්පිළිවෙත් හා චාරිත්‍ර වාරිත්‍ර මධ්‍යයේ පසුගිය අඟහරුවාදා (13) දින පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා නව නිවස විවෘත කිරීමෙන් අනතුරුව නිවාසලාභිනිය වෙත නව නිවසේ යතුර භාරදුන්නේය.

552 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ නව නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය ශ්‍රාමදායකත්වය සහ තාක්‍ෂණික දැනුම 12 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් ලබාදුන්හ.

නව නිවස විවෘත කිරීමේ උත්සවයට 55 වන සේනාංකයේ සේනාංකාධිපති, උතුරු ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති, 552 වන බලසේනාවේ බලසේනාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් සහ ඉදිකිරිම් කටයුතු සඳහා සම්බන්ධ වූ භටපිරිස් සහභාගි වූහ. Asics footwear | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp