Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th April 2021 06:53:22 Hours

ගතවු පැය 24 තුළ පුද්ගලයින් 157 දෙනෙකු සුවය ලැබූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (16) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 212 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 45 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඉතිරි පුද්ගලයින් 167 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 33 ක් ලෙසය. ඊට අමතරව, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 32 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 31 ක් වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 71 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

අද (16) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 91,136 ක් වේ. ඉන් පුද්ගලයින් 90,908 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරෙන් හමුවූ ආසාදිතයන් සියලුදෙනා මේවන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

අද (16) දින උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 95,948 ක් වන අතර ඉන් පුද්ගලයින් 92,307 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. අද (16) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 3,033 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබති.

අද (16) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 157 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (16) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් හතර දෙනෙකු මියගොස් ඇත. ඔවුන් පන්නිපිටිය, ඇල්ලක්කල, දෙනියාය සහ කපුලියද්ද ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (16) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 608 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (16) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 103 ක් තුළ පුද්ගලයින් 10,098 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිති.

ඊයේ (15) දිනය තුල PCR පරික්‍ෂණ 3,417 ක් සිදුකර ඇත. Best Sneakers | Nike - Shoes & Sportswear Clothing