Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th February 2021 09:49:04 Hours

යුද්ධ හමුදාවේ දක්‍ෂතම වෙඩික්කරුවන් හට සම්මාන පිරිනැමීම දියතලාවේදී

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ප්‍රායෝගික රයිෆල් වෙඩි තැබීමේ තරඟාවලියේදී 2021 වසරේ ජයගත් ක්‍රීඩකයින් හට සම්මාන පිරිනැමීමේ උත්සවය දියතලාව ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් (25) දින පැවැත්විණි.

අන්තර් රෙජිමේන්තු ප්‍රායෝගික වෙඩි තැබීමේ තරඟාවලිය විවෘත, සේවා රෙජිමේන්තු හා ආධුනික වශයෙන් කාණ්ඩ තුනකින් පැවැත්විණි. වර්ෂ 1953 සිට ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසල වෙතින් පවත්වාගෙන එන මෙම වෙඩි තැබීමේ තරඟාවලිය 1989 වර්ෂයේ සිට වෘත්තීය මට්ටමේ තරඟ පැවැත්වීමට ආරම්භ කිරීමත් සමඟ වෙඩික්කරුවන්ට දේශීය හා විදේශිය තරඟ සඳහා පුහුණුව ලබාදීමට අවස්ථාව උදාවිය.

ධජ ආරෝහනයෙන් අනතුරුව, ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ සේනාවිධායක හා ශ්‍රී ලංකා සුළු අවි සංගමයේ සභාපති බ්‍රිගේඩියර් විපුල ඉහලගේ විසින් සම්භාවනීය අමුත්තන් පිළිගැනීමෙන් අනතුරුව උත්සව සභාව ආරම්භ විය.

ඉන් අනතුරුව, අන්තර් රෙජිමේන්තු ප්‍රායෝගික වෙඩි තැබීමේ තරඟාවලියේ ජයග්‍රාහකයන්ට ජය සංකේත ප්‍රදානය කිරීමේ අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා සහභාගී විය.

විවෘත කාණ්ඩය යටතේ දක්‍ෂතම කණ්ඩායම සඳහා වූ සම්මාන ගැමුණු හේවා රෙජිමේන්තුව විසින් ජයග්‍රහණය කළ අතර දෙවන ස්ථානය ගජබා රෙජිමේන්තුව සහ තෙවන ස්ථානය විශේෂ බලකාය විසින් දිනාගන්නා ලදී.

කණ්ඩායම් 27 ක් විවෘත කාණ්ඩය යටතේ තරඟ කළ අතර කණ්ඩායම් 11 ක් ආධුනික කාණ්ඩය යටතේ තරඟ කරන ලදී.

ආධුනික කාණ්ඩය යටතේ දක්‍ෂතම කණ්ඩායම සඳහා වූ සම්මානය කමාන්ඩෝ රෙජිමේන්තුව විසින් ජයග්‍රහණය කළ අතර දෙවන ස්ථානය ගැමුණු හේවා බලකාය සහ තෙවන ස්ථානය විශේෂ බලකාය විසින් දිනාගන්නා ලදී.

සේවා කාණ්ඩය යටතේ ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය මගින් දිනාගන්නා ලදී. ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය විසින් දෙවන ස්ථානයත් තෙවන ස්ථානය ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා බලකාය විසින් ද ජයග්‍රහණය කරන ලදී.

විවෘත කාණ්ඩයේ දක්‍ෂතම වෙඩික්කරුවා වූයේ ගැමුණු හේවා බලකායේ බළලත් නිලධාරි 1 ඩබ්ලිව්.පී.එන්. ධම්මික වූ අතර සේවා කාණ්ඩයේ දක්‍ෂතම වෙඩික්කරුවා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ බළලත් නිලධාරි ඩබ්ලිව්.එම්.ඩී.කේ. වික්‍රමසිංහ තේරීපත් විය. ආධුනික කාණ්ඩයේ දක්‍ෂතම වෙඩික්කරුවාට හිමි සම්මානය ගැමුණු හේවා බලකායේ සාමාන්‍ය සෙබල ආර්.එම්.ආර්. බුද්ධික විසින් හිමිකරගන්නා ලදී.

මේ අතර, බ්‍රිගේඩියර් සහ ජෙනරල් නිලයේ තරඟයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බ්‍රිගේඩියර් ප්‍රියන්ත කාරියවසම් විසින් ජයග්‍රහණය කළ අතර 2 වන ස්ථානය ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් ජී.එම්.සී.කේ.බී. ඒකනායක සහ තෙවන ස්ථානය ශ්‍රී ලංකා සංඥා බලකායේ බ්‍රිගේඩියර් ජී.එල්.එස්.ඩබ්ලිව්. ලියනගේ විසින් දිනාගන්නා ලදී.

කර්නල් සහ ලුතිතන් කර්නල් නිලයේ තරඟයේ ජයග්‍රහණය කමාන්ඩෝ රෙජිමේන්තුවේ ලුතිතන් කර්නල් ඒ.එම්.ටී.එන්. අබේකෝන් විසින් හිමිකරගත් අතර 2 වන ස්ථානය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලුතිතන් කර්නල් ඩී.එස්.සී.එස්.කේ. අතුකෝරල සහ තෙවන ස්ථානය ශ්‍රී ලංකා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ ලුතිතන් කර්නල් එච්.ඒ.ඒ.එන්.සී. ප්‍රභාත් විසින් දිනාගන්නා ලදී.

උත්සවය සඳහා සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සම්මාන, කුසලාන හා සහතිකපත් ප්‍රදානයෙන් පසුව මෙම අවස්ථාවට සහභාගී වූ අයවළුන් ආමන්ත්‍රණය කරමින් පුහුණු වෘත්තීය වෙඩික්කරුවෙකු බවට පත්වීම යුද්ධ හමුදා සාමාජිකයෙකු වශයෙන් කොතරම් දුරට වැදගත් වන්නේදැයි පැහැදිලි කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන මාණ්ඩලික නිලධාරින්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයින් ද සහභාගී වූහ.

මෙම සම්මාන පිරිනැමීමේ උත්සවයේ අවසානය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා සුළු අවි සංගමයේ ලේකම් මේජර් සුපුන් සමරක්කෝඩි විසින් සිදුකරන ලදී.

ජාතික හා දේශිය ජයග්‍රහණවලට අමතරව ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෙඩික්කරුවන් මෙතෙක් සහභාගී වී හෝ ජයග්‍රහණය කළ විදේශීය ශූරතාවන් කිහිපයක් පහතින් දැක්වේ.

11 වන දකුණු ආසියානු වෙඩි තැබීමේ ශූරතාවය - 2010 බංගලාදේශය

4 වන ආසියානු වායු රයිෆල් ශූරතාවය

11 වන දකුණු ආසියානු වෙඩි තැබීමේ ශූරතාවය

2012 ඔලිම්පික් - ලන්ඩනය

47 වන ලෝක වෙඩි තැබීමේ ශූරතාවය - 2012

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා - 2014 ස්කොට්ලන්තය

11 වන ලෝක වෙඩි තැබීමේ ශූරතාවය - 2014 චෙක් ජනරජය

8 වන ආසියානු වායු තුවක්කු ශූරතාවය

පෙරදිග ආසියා හෑන්ඩ්ගන් ශූරතාවය - 2015 මැලේසියාව

13 වන ආසියානු වායු තුවක්කු ශූරතාවය - කුවේටය

ඔලිම්පික් ශූරතාවය - 2016 ඉන්දියාව

12 වන දකුණු ආසියානු වෙඩි තැබීමේ ශූරතාවය - 2016 ඉන්දියාව

12 වන IMSSU ලෝක ශූරතාවය - 2016

රියෝ ඔලිම්පික් - 2016

48 වන ලෝක වෙඩි තැබීමේ ශූරතාවය

පළමු IPSC රයිෆල් ලෝක ශූරතාවය - 2017 රුසියාව

20 වන IPSC ලෝක ශූරතාවය - 2017 චෙක් ජනරජය

හැන්ඩ්ගන් ලෝක වෙඩි තැබීමේ ශූරතාවය - 2017 ප්‍රංශයේ චැටෝරෝක්ස්

13 වන IMSSU ලෝක ශූරතාවය - 2018 ෆින්ලන්තය

13 වන ආසියානු වෙඩි තැබීමේ ශූරතාවය - 2019 නේපාලය

ඔස්ට්‍රේලියා හෑන්ඩ්ගන් ශූරතාවය - 2019 Best Nike Sneakers | adidas NMD Human Race