Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th February 2021 14:24:01 Hours

ඇල්ල කන්තලේ භටපිරිස් ඔවුන්ගේ වී වගාවේ පළමු වී අස්වැන්න නෙළා ගනී

ඇල්ල - කන්තලේ පිහිටි 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ භටපිරිස් විසින් අස්වද්දන ලද වී වගාවේ සරුසාර පළමු අස්වැන්න සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍රයන්ට අනුකූලව පැවති උත්සවයක දී පසුගිය සෙනසුරාදා (20) දින නෙලාගන්නා ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන් ගේ ‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ භටපිරිස් විසින්වී වැපිරීම, සීසෑම ඇතුලු කටයුතු නිසි කළමණාකරනයකින් යුතුව සිදුකිරීම හේතුවෙන් මාස හතරකට ආසන්න කාලයකදී එම අස්වැන්න නෙළාගැනීමට ඔවුන් වෙත හැකියාව ලැබිණි.

1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ භටපිරිස් භෝග වගාව පිළිබඳ දක්වන දැඩි සැලකිල්ලෙහි ප්‍රතිඵලයක් වශයෙන් සිදුකරනු ලබන මෙම අස්වනු නෙලීමේ උත්සවය 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ නිලධාරි අණදෙන මේජර් ඒ.සී. ප්‍රසන්න විසින් ආරම්භ කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් සී.එස්. දෙමුණි සහභාගී වූ අතර ආගමික වතාවත්හී නිරත වීමෙන් අනතුරුව නිලධාරින් සහ සෙසු නිලයින් එක්ව අස්වනු නෙලීමේ කටයුතු ආරම්භ කළහ. අස්වැන්න නෙළීම, කමත, බැත ගොඩ ගැසීම, වී සුලං කිරිම, වී කෙටීම, බත පිසීම ආදි හෙල ගොවිතැනට මුල්තැන දෙමින් සංස්කෘතික හා පාරම්පරික උපකරණ හා මෙවලම්’ භාවිත කරමින් භටපිරිස් විසින් සජීවී නිදසුන් සමඟින් එම ස්ථානයේ ප්‍රදර්ශනය කරන ලදී. පෞරාණික ගම්මානයේ ‘ගොවි ගෙදර’ අනුරුවක් ද එම ස්ථානයේ ප්‍රදර්ශනය කර තිබුණි. jordan Sneakers | Air Jordan