Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th February 2021 18:30:51 Hours

ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක සංඥා බලකා පුහුණු පාසලේ ක්‍ෂේත්‍ර සංචාරයක

නවතමයෙන් රාජකාරී ඇරඹූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරි සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් අශෝක පීරිස් ඉකුත් සෙනසුරාදා (12) දින බූවැලිකඩ පිහිටි සංඥා බලකා පුහුණු පාසලෙහි සිය පළමු නිල සංචාරය සිදුකරන ලදී.

සංඥා බලකා පුහුණු පාසල වෙත සපැමිණි එතුමන් පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් ජගත් ජයවර්ධන විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනැමූහ.

පසුව ‘මර්කර්’ ශාලාවේදී කර්නල් සේනාවිධායකතුමන් භටපිරිස් ඇමතු අතර එහිදි එතුමන් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020-2025 පළිබඳ වද භටපිරිස් දැනුවත් කළ අතර, තවද, සංඥා බලකා පුහුණු පාසලේ පුහුණු ක්‍රියා පටිපාටින් නංවාලීම සඳහා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ වැඩිදුරටත් උපදෙස් ලබාදීම ද සිදුකරන ලදී.

තවද, කර්නල් සේනාවිධායකතුමන් සංඥා බලකා පුහුණු පාසලේ පුහුණුව ලබන්නන්ගේ නවාතැන් පහසුකම්, දේශණ ශාලා, සන්නිවේදන විද්‍යාගාරය, සෙසුනිල භෝජන ශාලාව මෙන්ම වත්කම් ඉදිකිරීම් කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා එම පරිශ්‍රයේ නිරීක්‍ෂණ සංචාරයක් ද සිදුකරන ලදී.

පසුව එතුමන් විසින් මෙම සංචාරය සනිටුහන් කිරිම සඳහා කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් ද රෝපණය කරන ලද අතර, සංඥා බලකා පුහුණු පාසලේ අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතේ සමරු සටහනක් ද තැබීය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින්, සංඥා බලකායේ නිත්‍ය කාර්ය මණ්ඩලය මෙන්ම අනෙකුත් පාඨමාලාවන්හී පුහුණුව ලබන්නන් පිරිසක් ද සහභාගී වූහ. Mysneakers | Air Jordan 1 Retro High OG "UNC Patent" Obsidian/Blue Chill-White For Sale – Fitforhealth