Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th February 2021 17:08:51 Hours

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සිය බලප්‍රදේශයේ සංචාරයක

පසුගියදා රාජකාරී කටයුතු ආරම්භ කළ නැගෙනහිර ආක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චන්න වීරසුරිය පෙබරවාරි මස 6 සිට 8 දින දක්වා සිය බලප්‍රදේශයේ පිහිටි 23 වන සේනාංක මුලස්ථානය, තාරාවිකුලම් පිහිටි 231 වන බලසේනා මුලස්ථානය, වාකරේ පිහිටි 233 වන බලසේනා මුලස්ථානය සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි සංචාරයක නිරත විය.

ප්‍රථමයෙන් 23 වන සේනාංක මුලස්ථානය වෙත සපැමිණි නව ආඥාපතිතුමන්, 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින් කොස්වත්ත විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය ද ප්‍රධාන දොරටුව අභියසදී එතුමන් වෙත පිරිනැමීය. පසුව මෙම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළේය. ඉන් අනතුරුව, 23 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සේනාංකායේ මෙහෙයුම් හා පරිපාලන අංශ පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කරමින් නව ආඥාපතිතුමන් දැනුවත් කළ අතර බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරීන් භටපිරිස්හි සුභසාධන පහසුකම් පිළිබඳව ද ආඥාපතිතුමන් දැනුවත් කළේය.

මේජර් ජෙනරල් චන්න විරසුරිය මෙහිදී භටපිරිස් අමතමින් විවිධ වෘත්තිය අංශයන් පිළිබඳ පුහුණුවීමේ ඇති වැදගත්කම සහ විනය ඉහළ මට්ටමක පවත්වාගැනීමේ වැදගත්කම අවධාරණය කළේය. ගෘහස්ථ ක්‍රීඩාගාරයේ සංවිධානය කර තිබු සියලු නිල තේපැන් සංග්‍රහය අතරතුර නව ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් නිලධාරීන් සහ සෙසුනිලයින් සමඟ සුහදව අදහස් හුවමාරු කරගනිමින් ඔවුන්ගේ අවශ්‍යතා සහ සුභසාධන ක්‍රියාමාර්ග පිළිබඳ සොයාබැලීය. මෙම සංචාරය අවසානයේ ආඥාපතිතුමන් නික්මයාමට ප්‍රථම විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක් ද තැබීය.

පසුව, ආඥාපතිතුමන් වාකරේ පිහිටි 233 වන බලසේනා මුලස්ථානයේ, 6 වන ගජබා රෙජිමේන්තුවේ, 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ සහ ඒ යටතේ ස්ථාපිත කණ්ඩායම් සහ බතරොයිහි සංචාරය කළේය.

පසුව, ආඥාපතිතුමන් පෙබරවාරි මස 7 සහ 8 දිනයන්හි 231 වන බලසේනා මුලස්ථානයේ, 232 වන බලසේනා මුලස්ථානයේ සහ ඒ යටතේ ස්ථාපිත 4 වන ගැමුණු හේවා බලඇණියේ, 11 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 12 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ සංචාරය කළේය. එම සංචාරය අතරතුර, සියලුම බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ මෙහෙයුම් අවශ්‍යතා, සුභසාධන ක්‍රියාමාර්ග සහ අනෙකුත් අවශ්‍යතා සම්බන්ධ කරුණු සාකච්ඡා කළහ.

මෙම සංචාරය අවසානයේ ආඥාපතිතුමන් මානුෂීය මෙහෙයුමේ ඓතිහාසික ස්ථානයක් වන තොප්පිගල ප්‍රදේශයේ ද සංචාරය කළේය. Nike Sneakers | NIKE HOMME