Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th February 2021 19:08:51 Hours

ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ ‘Diner's Club’ සැසියේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ගැටළු පිළිබඳ සාකච්ඡා කරයි

ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අධ්‍යනය පිළිබඳ ප්‍රමුඛතම ආයතනය වන ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය නුඳුරේදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීම ‘Diner's Club’ සැසිවාරය ඉකුත් සඳුදා (08) දින කොළඹ, රන්ගල ශ්‍රී ලංකා නාවික හමුදා කඳවුරේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයින් ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ අභ්‍යන්තර ආරක්‍ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමණාකරන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන් සහභාගී වූහ. එමෙන්ම, ජාතික ආරක්‍ෂාව පිළිබඳ විශේෂඥයින් රැසක් ද මෙම සැසිවාරය සඳහා එක්වූහ.

ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය වෙනුවෙන් සැසිවාරයේ පිළිගැනීමේ කථාව එම ආයතනයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් (මහාචාර්ය) ජයනාත් කොළඹගේ විසින් සිදු කළේය. එහිදී, මෙම සැසිවාරය පැවැත්වීමේ අරමුණු පිළිබඳ පැහැදිලි කළේය. ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ ආරාධනාවකට අනුව ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ ජාතික ආරක්‍ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමණාකරන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මෙම සැසිවාරයේ ප්‍රධාන දේශනය සිදු කළේය.

මෙම සාකච්ඡාවේදී, අද්මිරාල් (මහාචාර්ය) ජයනාත් කොළඹගේ ‘එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සහ ශ්‍රී ලංකාවේ පූර්විකාව’ මැයෙනුත්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු නීති උපදේශක සහ එක්සත් ජාතීන්ගේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය රොහාන් පෙරේරා විසින් ‘එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ජාත්‍යන්තර නීති රාමුව’ මැයෙනුත්, පාත්ෆයින්ඩර් පදනමේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් බර්නාඩ් ගුණතිලක ‘එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා එක් එක් රටවල් කෙරෙහි ඇතිකරන බලපෑම් මැයෙනුත්, මෙම යෝජනා වලින් ඉවත් වීම සහ ශ්‍රී ලංකාවේ සිදුවීම් අධ්‍යයනයේ ප්‍රතිඵල’ විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් සහ උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර එච්.එම්.ජී.එස්. පලිහක්කාර ‘ශ්‍රී ලංකාවේ ඉදිරි මාවත පිළිබඳ නිර්දේශයන්’ යන මාතෘකා යටතේ සිය දේශන පවත්වමින් කරුණු පැහැදිලි කළහ.

මෙම සැසිවාරයට සහභාගී වූවන් සඳහා සහතිකපත් ද ප්‍රදානය කෙරිණි. මෙම සාකච්ඡාවේ ස්තූති කථාව ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ සන්නිවේදන හා ප්‍රකාශන අධ්‍යක්‍ෂ රියර් අද්මිරාල් දිමුතු ගුණවර්ධන සිදු කළේය.

ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය යනු ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය වන අතර එය ආරක්‍ෂක පරිසරය අවබෝධ කර ගැනීම සඳහා සහ ජාතික ආරක්‍ෂාව සහතික කිරීම සඳහා සාක්‍ෂි පදනම් කරගත් ප්‍රතිපත්තිමය විකල්පයන් සහ විවාද හා සාකච්ඡා සඳහා උපාය මාර්ග සැකසීම සඳහා රජය සමඟ කටයුතු කිරීමට පිහිටුවා ඇති ආයතනයකි. මෙම ආයතනය ජාතික ආරක්‍ෂක පර්යේෂණ රාශියක් සිදුකරමින් ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත සිය සහයෝගය දක්වයි. affiliate link trace | NIKE AIR HUARACHE