Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th January 2021 14:55:43 Hours

අයිස් මත්ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් කැලෑබඳ ප්‍රදේශයකින් සොයාගනී

54 වන සේනාංකයේ බුද්ධි අංශ සාමාජිකයින් විසින් මන්නාරම, ඕලුතුඩුව් කැලෑබඳ ප්‍රදේශයේ සඟවා තිබු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250 ක් අඩංගු පාර්සලයක් සොයාගන්නා ලදී.

රුපියල් මිලියන 2.5 කට අධික වටිනාකමින් යුත් මෙලෙස අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය පාර්සලය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලිසිය වෙත භාරදුන්නේය.

මත්ද්‍රව්‍ය, මත්කුඩු සහ ජාවාරම් කරුවන්ගේ ක්‍රියාවන් මැඩපැවැත්වීම සඳහා රජය විසින් ගෙනයනු ලබන වැඩපිළිවෙල සඳහා ත්‍රිවිධ හමුදා විසින් පසුගිය දින කිහිපය තුළ මන්නාරම ඇතුළු විවිධ ස්ථානයන්හී සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය සහ කහ ඇතුළු ද්‍රව්‍ය රැසක් සොයාගෙන තිබේ. Running sports | Air Jordan 1 Retro High OG "UNC Patent Leather" Obsidian/Blue Chill-White UK