Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th January 2021 14:07:43 Hours

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ මුලිකත්වයෙන් ගල්කන්ද පිරිවෙනේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාට ලිපිද්‍රව්‍ය පිරිනමයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ මුලිකත්වයෙන් ඉකුත් සෙනසුරාදා (02) දින එප්පාවල, ගල්කන්ද පූරාණ රජමහා විහාරයේ සහ පිරිවෙනේ වැඩවාසය කරන බෞද්ධ භික්ෂුන් වහන්සේලා 88 නමකට නොමිලේ ලිපිද්‍රව්‍ය පිරිනැමිණි.

මේ සඳහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපති ශාමිනි කොටුවේගොඩ මහත්මියගේ ඉල්ලීමකට අනුව සුරේන් ද සිල්වා ඇතුළු එම පවුලේ සාමාජිකයින්ගේ අනුග්‍රහය හිමිවිය.

මීට අමතරව, මෙම ව්‍යාපෘතියට සාර්ථක කරගැනීම සඳහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් අනිල් සෝමවීර සහ ලුතිනන් කර්නල් පී විතානගේ විහාරස්ථාන පරිශ්‍රයට පැමිණ සහයෝගය දැක්වූහ.

සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පැවැති මෙම සමාජ සත්කාරක ව්‍යාපෘතියට කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ හා ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ පරිත්‍යාගශීලින් සහභාගි වූහ. buy footwear | シューズ