Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th January 2021 14:30:43 Hours

කොවිඩ්-19 පාලන කටයුතු සඳහා පත් කළ දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරු සිය රාජකාරී කටයුතු අරඹයි

කොවිඩ්-19 වෛරසයේ පාලන කටයුතු ශක්තිමත් කරමින් දිවයින පුරා සියලුම පරිපාලන දිස්ත්‍රික් ආවරණය වන පරිදි අලුතින් පත් කරන ලද දිස්ත්‍රික් සම්බන්ධීකාරක නිලධාරීන් සිය රාජකාරී කටයුතු ආරම්භ කරමින් දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, නගර සභා නිලධාරීන්, ප්‍රාදේශීය සභා නිලධාරීන්, ග්‍රාම සේවා නිලධාරීන් සහ අනෙකුත් අදාළ පාර්ශවකරුවන් සමඟ එක්ව වෛරසය පාලන කිරිමේ ක්‍රමවේදයන් පිළිබඳ අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී සාකච්ඡා පැවැත්වූහ.

ඒ අනුව, කිලිනොච්චි දිස්ත්‍රික් සම්බන්ධිකාරක නිලධාරී ලෙස පත් කළ කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ, වෛරසය ප්‍රදේශය පුරා ව්‍යාප්තවීමේ වත්මන් තත්ත්වය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමේ අරමුණින් දිස්ත්‍රික් ලේකම් ආර්.කේතීෂ්වරන් මහත්මිය ඇතුළු අදාළ සියලුම බලධාරීන් සමඟ එක්ව සාකච්ඡාවක් පවත්වන ලදී. මෙහිදී, ප්‍රදේශ හුදකලා කිරීම, නිරෝධායන ඇදිරීනීතිය පැනවීම, අහඹු ලෙස PCR පරික්‍ෂණ හා ක්ෂණික ප්‍රතිදේහජනක පරික්‍ෂණ සිදුකිරීම, වෛද්‍ය උපකරණ සැපයීම, වියළ සලාක ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම සහ නිරෝධායන නීති රෙගුලාසි උල්ලංඝණය කරන්නන්ට එරෙහිව කටයුතු කිරීම ආදී කරුණු පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. jordan Sneakers | Klær Nike