Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th January 2021 15:09:43 Hours

ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 75 ක පුද්ගලයින් 5,037 ක් සිටින බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (06) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 484 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 05 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්ථා වේ. ඉතිරි පුද්ගලයින් 479 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්ථා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්ථා වන අතර, ඒ ආසාදිතයින් 121 ක් ලෙසය. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 110 ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 30 ක් ලෙස වාර්ථා වේ. අනෙක් ආසාදිතයින් 218 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

අද (06) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 41,955 ක් වේ. ඉන් පුද්ගලයින් 35,504 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

අද (06) දින උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 45,725 ක් වන අතර ඉන් පුද්ගලයින් 38,261 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. අද (06) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 7,247 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

අද (06) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 445 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (06) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් ඇති අතර එම පුද්ගලයින් කළුතර සහ මාතලේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (06) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 217 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (06) දින උදෑසන UL 104 දරණ මගී ගුවන් යානය මගින් මාලදිවයින සිට පුද්ගලයින් 18 දෙනෙකු, QR 668 දරණ මගී ගුවන් යානය මගින් කටාර් සිට පුද්ගලයින් 24 දෙනෙකු, Q2 6944 දරණ මගී ගුවන් යානය මගින් මාලදිවයින සිට පුද්ගලයින් 32 දෙනෙකු, UL 218 දරණ මගී ගුවන් යානය මගින් කටාර් සිට පුද්ගලයින් 50 දෙනෙකු සහ UL 226 දරණ මගී ගුවන් යානය මගින් ඩුබායි සිට පුද්ගලයින් 82 දෙනෙකු මෙරටට පැමිණ ඇත. එසේම, අද (06) දිනය තුළ UL 1042 මගී ගුවන් යානය මගින් ඉන්දියාවේ සිට පුද්ගලයින් 22 දෙනෙකු, UL 190 දරණ මගී ගුවන් යානය මගින් බංගලාදේශයේ සිට පුද්ගලයින් 18 දෙනෙකු, UL 303 දරණ මගී ගුවන් යානය මගින් සිංගප්පුරුවේ සිට පුද්ගලයින් 10 දෙනෙකු සහ UL 881 දරණ මගී ගුවන් යානය මගින් චීනයේ සිට පුද්ගලයින් 09 දෙනෙකු දිවයිනට පැමිණිමට නියමිතව ඇත. එසේ පැමිණෙන සියලු පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

අද (06) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 75 ක් තුළ පුද්ගලයින් 5,037 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

ඊයේ (05) දිනය තුල PCR පරික්‍ෂණ 10,774 ක් සිදුකර ඇත. Sports News | Air Jordan 1 Mid - Collection - Sb-roscoff