Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th November 2020 17:54:28 Hours

57 වන සේනාංකය යටතේ ස්ථාපිත සියලු කඳවුරු තුළ ‘හරිතාගාර’ ස්ථාපිත කරයි

‘හුස්ම දෙන තුරු’ ජාතික ව්‍යාපෘතියට සහ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාවට නැංවූ ‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව කිළිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකය යටතේ ස්ථාපිත සියළුම බලසේනා, බලඇණි සහ පුහුණු පාසල් අතර පැළ 1500 කට වැඩි ප්‍රමාණයක් ඉකුත් සඳුදා (23) දින බෙදා දෙන ලදී.

ස්වාභාවික වටිනාකමකින් යුත් ආවේණික ශාක ආරක්‍ෂා කරගැනීම වෙනුවෙන් එම ශාක රෝපණය කිරීම සඳහා හරිතාගාර වැඩසටහනක් දියත් කිරිමට සුවිශේෂී ප්‍රදේශයක් වෙන් කිරීමට භටපිරිස් දිරිමත් කරමින් 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ උපදෙස් මත එම සේනාංක මූලස්ථානය යටතේ ඇති සියලුම කඳවුරු තුළ ‘ඉකෝ - පාර්ක්’ සංකල්පය හඳුන්වාදෙන ලදී.

මෙම ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය 2020 නොවැම්බර් මස 23 දින මුරුක්කන්ඩි ප්‍රදේශයේ පිහිටි 57 වන සේනාංක මුලස්ථානයේදී එම සේනාංකයේ සේනාංකාධිපතිගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා 57 වන සේනාංකයේ කර්නල් මාණ්ඩලික ප්‍රධානි, කර්නල් පාලන හා භටකාර්ය සම්පාදන සහ 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි සහභාගී වූහ.

මෙහිදී, මොර (Dimocarpuslongan), කොස් (Artocarpus Heterophyllus), කුඹුක් (Terminalia Arjuna) සහ මී (MadhucaLongifolia) ආදී පැළ වර්ග බෙදාදෙනු ලැබීය. Adidas shoes | Air Jordan Release Dates 2020