Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th November 2020 13:00:01 Hours

විදෙස් ගත වී සිටි ශ්‍රී ලාංකිකයන් රැගත් තවත් ගුවන්යානා දිවයිනට පැමිණෙන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (28) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 473 දෙනෙකු හඳුනාගෙන ඇත. ඉන් එක් පුද්ගලයෙකු (01) ඕමාන් සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයෙක් ලෙස වාර්තා වන අතර ඉතිරි පුද්ගලයින්ගෙන් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්ථා වන්නේ, කොළඹ ප්‍රදේශයෙන් ආසාදිතයින් 138 ක්, ගම්පහ ප්‍රදේශයෙන් ආසාදිතයින් 63 ක් සහ රත්නපුර ප්‍රදේශයෙන් ආසාදිතයින් 35 ක් ලෙස වේ.

අද (28) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මාළු වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 19,431 ක් වේ. ඉන් පුද්ගලයින් 12,793 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

ඊයේ (27) දින වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 22,500 ක් වන අතර ඉන් පුද්ගලයින් 16,225 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. ඊයේ (27) දින වනවිට රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 6,168 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

අද (28) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 410 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (28) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 08 ක් මියගොස් ඇති අතර එම පුද්ගලයින් කොළඹ 13, මරදාන, කොළඹ 13, මැගසින් බන්ධනාගාරය, කොළඹ 10, කොළඹ 02, කොළඹ 09 සහ කොළඹ 15 ප්‍රදේශයන්හී පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (28) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 107 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (28) දින උදෑසන QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් 44 ක් සහ UL 1026 දරණ මගී ගුවන් යානය මගින් ඉන්දියාවේ සිට පුද්ගලයින් 53 ක් පැමි‍ණ ඇත. එසේම, අද (28) දින උදෑසන UL 218 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් 52 දෙනෙකු මෙරටට පැමිණිමට නියමිතව ඇත. එසේ පැමිණි පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

අද (28) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 47 ක් තුළ පුද්ගලයින් 5,088 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

ඊයේ (27) දිනය තුල PCR පරික්‍ෂණ 13,286 ක් සිදුකර ඇත. Sportswear free shipping | Nike Shoes