Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th November 2020 08:00:08 Hours

'තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව පැළ ලක්‍ෂයක් රෝපණය කරයි

දිවයින පුරා වනාන්තර ආවරණය වැඩි කිරීම සහ පරිසරය අලංකාර කිරීම වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයට අනුව දියත් කරනු ලබන ‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් ඉකුත් සිකුරාදා (13) දින නැගෙනහිර පළාත ආවරණය වන පරිදි ඉතා දූර්ලභ ගනයේ පැළ ලක්‍ෂයක් රෝපණය කිරීමේ වැඩසටහනක් පැවැත්විණි. මේ සඳහා 22, 23 සහ 24 යන සේනාංකයන්හී සේවයේ නියුතු භටපිරිස් 800-900 පමණ පිරිසක් සහභාගී වූහ.

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චින්තක ගමගේ ගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතිය සඳහා නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති සේනාංකයන්හී සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ සිවිල් බලධාරීන් මෙන්ම යුද්ධ හමුදා සාමාජිකයන් විශාල පිරිසක් ද සහභාගී වූ අතර, මෙම ව්‍යාපෘතිය කොවිඩ්-19 සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම වේදයන්ට අනුව පැවැත්විණි.

මෙම දැවැන්ත කාර්යය සඳහා වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් රජයේ ඉඩම් ලබාදීමෙන් පසු නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් කළ ඉල්ලීමකට අනුව නොමිලේ මී, කුඹුක්, සියඹලා, කොහොඹ, තේක්ක, මහෝගනී වැනි දේශීය පැළ 100,000 ක් ලබා දෙන ලදී. ඒ අනුව වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් වෙන් කරන ලද රජය සතු වනාන්තර ප්‍රදේශවල ඉකුත් සිකුරාදා (13) දින ත්‍රිකුණාමලයේ 22 වන සේනාංකයේ භටපිරිස් පැළ 22,000 ක් ද, පූනානිහි 23 වන සේනාංකය විසින් පැළ 27,400 ක් ද, අම්පාරහි පිහිටි 24 වන සේනාංකය විසින් පැළ 27,197 ක් සහ ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර පැළ 25,000 ක් ද සිටුවීමට දායක වූහ.

වැසි සමය ආරම්භ විමත් සමග සියයකට අධික භටපිරිසකගේ ශ්‍රමදායකත්වයෙන් භූමිය සකස් කර වලවල් කැපීමේ කටයුතු සිදු කර තිබීම මෙම ව්‍යාපෘතිය දියත් කිරීමට පහසු විය ඉන් අනතුරුව නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් චින්තක ගමගේ 22 වන සේනාංකය, මිනේරිය, මියන්කුලම් සහ අම්පාර යන ප්‍රදේශවල රුක් රෝපණය කිරීම සඳහා සහභාගී වීය. එම අවස්ථාව සඳහා නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී විණි.

රුක් රෝපණ වැඩසටහනේදී සිටුවන ලද පැලෑටි රැකබලා ගැනීම අදාළ ප්‍රදේශවල යුද්ධ හමුදා භටපිරිස් වෙත භාරදෙනු ලැබිණි. නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය නුදුරේදී සේනාංක මට්ටමින් හදුනාගත් ප්‍රදේශවල නැවත රුක් රෝපණ වැඩසටහනක් දියත් කිරීමට අපේක්‍ෂා කරන අතර, එයට අවශ්‍ය බීජ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙත ලබාදීමට නියමිතව ඇත. best Running shoes | Nike Air Max 270