Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th November 2020 15:55:05 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියමුවන් රහිත සැහැල්ලු ගුවන් යානා (DRONE) රෙජිමේන්තුව ස්ථාපිත කරයි

තාක්‍ෂණික දියුණුව හමුවේ නව අභියෝගයන්ට මුහුණදීමට සුදානමින් සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තවත් එක් සන්ධස්ථානයක් පසුකරමින්, අද (12) දින උදෑසන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා මුලස්ථානයේදී පැවැති උත්සවයකදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියමුවන් රහිත සැහැල්ලු ගුවන් යානා රෙජිමේන්තුව ස්ථාපිත කෙරිණි.

මෙහිදී, ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක සහ කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ විසින් පිළිගැනීමේ දේශනය සිදුකළ කළේය. ඉන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් යුද්ධ හමුදා නියමුවන් රහිත සැහැල්ලු ගුවන් යානා රෙජිමේන්තුව ස්ථාපිත කිරිම සංක්තවත් කරමින් නව නියමුවන් රහිත සැහැල්ලු ගුවන් යානායක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාලතුවක්කු රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක වෙත භාර දුන්නේය.

එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රධාන දේශනය සිදු කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුළ මෙවැනි රෙජිමේන්තුවක් ස්ථාපිත කිරිමේ වටිනාකම සහ එහි ඇති තාක්‍ෂණික වැදගත්කම පිළිබඳව කරුණු පැහැදිලි කළේය. එහිදි එතුමන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් ප්‍රකාශ කර සිටියේ කොවිඩ්-19 වැනි වසංගත තත්ත්වන්, යුද තත්වයන්, ස්වාභාවික හා මිනිසා විසින් ඇති කරන ලද ව්‍යසන, විශේෂ හදිසි අවස්ථා, ප්‍රජා ආසාදිත වසංගත පැතිරීම වැනි අවස්ථාවලදී යොදාගන්නා තාක්‍ෂණික නවෝත්පාදනයන්ගෙන් පරිපූර්නව යුද්ධ හමුදාවේ ‘ඉදිරි උපායමාර්ගයන්’ සාර්ථක කර ගැනීම සඳහා අත්වැල් බැඳ ගත යුතු බැවින් මෙම අවස්ථාව සාර්ථක කරගැනීම සඳහා දායකත්වය දැක් වූ සියලු පාර්ශවයන්ට සිය කෘතඥතාවය පුද කළේය.

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් ඇතුළු මෙම අවස්ථාවට එක්වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ප්‍රදර්ශනය සඳහා එක්කර තිබු ඩ්‍රෝන යානා පරික්‍ෂා කළ අතර කර්නල් සේනාවිධායකතුමන්ගේ ආරාධනයකට අනුව පළමු නියමුවන් රහිත සැහැල්ලු ගුවන් යානය යුද්ධ හමුදාධිපතිතුමන් ගුවන්ගත කළේය.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ජගත් ගුණවර්ධන ඇතුළු ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, අධ්‍යක්‍ෂවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිනවයෙන් ස්ථාපිත නියමුවන් රහිත සැහැල්ලු ගුවන් යානා (DRONE) රෙජිමේන්තුව ඉතා උසස් තාක්‍ෂණික අංගෝපාංගයන්ගෙන් සමන්විත වන අතර හමුදා සහ හමුදා නොවන අවස්ථාවන් නිරීක්‍ෂණය කිරීමේ අරමුණින් කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කළ හැකිය.

ජාතික ආරක්‍ෂක අවශ්‍යතාවය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් යුද්ධ හමුදාවේ ‘ඉදිරි උපායමාර්ග 2020-2025’ ට අනුකූලව සකස් කරමින් නව තාක්ෂණික අභියෝග සහ තර්ජන හමුවේ යුද්ධ හමුදාව සූදානම් කිරීම සඳහා මෙම සුවිශේෂී රෙජිමේන්තුව රාජකාරිවල යෙදීමෙන් සංවේදී තොරතුරු එක්රැස් කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ.

අභිනවයෙන් ස්ථාපිත යුද්ධ හමුදා නියමුවන් රහිත සැහැල්ලු ගුවන් යානා (DRONE) රෙජිමේන්තුව තර්ජනාත්මක අවස්ථාවන් පිළිබඳ මෙහෙයුම් මට්ටමේ නිරීක්ෂණය කිරීම, නිරවද්‍ය ඉලක්ක තහවුරුකර ගැනීම, පශ්චාත් යුධ හානි තක්සේරු කිරීමේ හැකියාවන් සහ ආපදා අවම කිරීම මෙන්ම ජාතිය ගොඩනැගීමේ ප්‍රයත්නයන් සඳහා ද යොදාගැනීම අපේක්ෂා කෙරේ. Running Sneakers Store | Air Jordan 1 Mid - Collection - Sb-roscoff