Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th October 2020 11:00:42 Hours

වන්නි ආරක්‍ෂක සේනා නව ආඥාපති අටමස්ථානය වැඳපුදාගනි

අභිනවයෙන් රාජකාරි ආරම්භ කළ වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ඉකුත් අඟහරුවාදා (27) දින අනුරාධපුර ඓතිහාසික අටමස්ථානය වැඳපුදා ගත්තේය.

ආඥාපතිතුමන් අටමස්ථානාධිපති හිමිපාණන් ප්‍රමුඛ රුවන්වැලිසෑය, මිරිසවැටිය, අභයගිරිය, ථූපාරාමය, ලංකාරාමය සහ ඉසුරුමුනිය විහාරස්ථානයන්හි විහාරාධිපති හිමිවරුන් බැහැදැක ආශීර්වාද ලබාගත්තේය.

මෙම අවස්ථාවට වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සමඟින් 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් විකුම් ලියනගේ ඇතුළු එම සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගී වූහ. Adidas footwear | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News