Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th October 2020 21:12:04 Hours

ඉන්දියානු ආරක්‍ෂක උපදේශක 22 වන සේනාංක මූලස්ථානයේ සංචාරයක

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතන් විකාස් සූඩ් (Captain Vikas Sood) ඉකුත් සෙනසුරාදා (17) දින 22 වන සේනාංක මූලස්ථානයේ සංචාරයක නිරත විය. සේනාංක මුලස්ථානය වෙත සපැමිණි කපිතන් විකාස් සූඩ් (Captain Vikas Sood) එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්න වීරසූරිය විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර, ඉන් පසු දෙපාර්ශවය සුහද පිළිසඳරක ද නිරත විය.

ඒහිදී, ජ්‍යෙෂ්ට නිලධාරින් දෙපළ අතර පැවති මෙම සුහද හමුවේදී ද්වීපාර්ශ්වික සහ අන්‍යොන්‍ය සහයෝගිතාවය සබැඳි කරුණු පිළිබඳ සුහදව අදහස් හුවමාරු කරගත් අතර මෙම හමුව අවසානයේ සංකේතාත්මක සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි. Nike Sneakers | Sneakers