Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු අන්තර් බලඇණි පාපන්දු ශූරතාවලිය 5 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු කණ්ඩායමට

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ අන්තර් බලඇණි පාපන්දු ශූරතාවලිය සැප්තැම්බර් 11 සහ 12 යන දෙදින තුළ මුලතිව් පිහිටි 13 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.

මෙම අනතර් බලඇණි පාපන්දු ශූරතාවලිය සඳහා ඒකක 17 ක් නියෝජනය කරමින් ක්‍රීඩකයින් හා කණ්ඩායම් සහභාගී වූ අතර උණුසුම් තරඟ වට කිහිපයකින් පසු පැවති අවසන් මහා තරඟයේදී 16 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු කණ්ඩායම පරාජය කරමින් 5 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු කණ්ඩායම තරඟාවලියේ ශූරයන් බවට පත්වූහ.

පැවති අවසන් මහා තරඟයේ සමරු තිළිණ හා සහතික පත්‍ර ප්‍රදානය ප්‍රධානය කිරිමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 13 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩී. එම්. එස් දිසානායක සහභාගී විය.

මෙම තරඟාවලිය නැරඹීම සඳහා ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ නිලධාරීන් සහ සෙසුනිලයන් රැසක් ද සහභාගී වූහ. Asics shoes | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp