Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th September 2020 17:38:40 Hours

යුද්ධ හමුදා භටපිරිස් තවත් ගංජා තොගයක් අත්අඩංගුවට ගනී

54 වන සේනාංකයේ බුද්ධි අංශ නිලධාරීන් විසින් ලබා දුන් බුද්ධි තොරතුරකට අනුව වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ පිහිටි 54 වන සේනාංකය යටතේ ස්ථාපිත 543 වන බලසේනාව යටතේ ඇති 7 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් අද (26) අලුයම 3.30 ට පමණ මන්නාරමේ තවාල්පඩු වෙරළ තීරය ආශ්‍රීතව සිදු කරන ලද මෙහෙයුමකදි කේරළ ගංජා කිලෝ 48 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය, මත්කුඩු සහ ජාවාරම් කරුවන්ගේ ක්‍රියාවන් මැඩපැවැත්වීම සඳහා රජය විසින් ගෙනයනු ලබන වැඩපිළිවෙල සඳහා ත්‍රිවිධ හමුදා විසින් පසුගිය දින කිහිපය තුළ මන්නාරම ඇතුළු විවිධ ස්ථානයන්හී සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය සහ කහ ඇතුළු ද්‍රව්‍ය රැසක් සොයාගෙන තිබේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි. jordan release date | Nike Air Jordan XXX Basketball Shoes/Sneakers 811006-101 Worldarchitecturefestival