Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th September 2020 12:52:30 Hours

හමුදා වෛද්‍ය විද්‍යාලයට නව සභාපතිවරයෙකු පත්කරයි

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේ නව සභාපති වශයෙන් ඉකුත් සිකුරාදා (4) දින බ්‍රිගේඩියර් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු සිය රාජකාරි කටයුතු ආරම්භ කළ අතර, ඒ වෙනුවෙන් ෂැන්ග්‍රි ලා හෝටලයේ පැවති උත්සවය සඳහා වෛද්‍ය විශේෂඥයින් රැසක් සහභාගී වූහ.

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේ ආරාධනාවකට අනුව මෙම විශේෂ උත්සව අවස්ථාව වෙනුවෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ විශේෂ අමුත්තෙකු වශයෙන් කැළණිය විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සහ ශල්‍ය වෛද්‍ය අංශයේ සභාපති ශළ්‍ය වෛද්‍ය විශේෂඥ කේමාල් ඩීන් මහතා සහභාගී වූහ. හමුදා වෛද්‍ය ක්ෂේත්‍රය මෙරටට අත්‍යවශ්‍ය සේවාවක් වශයෙන් වැඩිදියුණු කිරීම වෙනුවෙන් මීට වසර කිහිපයකට ප්‍රථම ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය සේවා බළකාය මෙම ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේ මෙම සංසදය ආරම්භ කිරීමට පුරෝගාමිත්වය ගෙන කටයුතු කර තිබිණි.

මෙම අවස්ථාවට සපැමිණි ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේ නව සභාපතිතුමන් සහ මෙදින ප්‍රධාන ආරාධිත අමුත්තා උත්සවාකාරයෙන් එම පරිශ්‍රය වෙත කැඳවාගෙන යාමෙන් අනතුරුව උත්සව කටයුතු ආරම්භ වූයේ ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුවය. ඉන් පසු, සාම්ප්‍රදායික පොල් තෙල් පහන දල්වා මව්බිම වෙනුවෙන් තම දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිපත් කිරීම වෙනුවෙන් විනාඩියක නිෂ්ශබ්දතාවයක් පැවැත්වීම ද මෙහිදී සිදුවිය. ඉන් අනතුරුව, මෙම උත්සවයේ පිළිගැනීමේ කථාව රියර් අද්මිරාල් සේනරූප ජයවර්ධන විසින් පවත්වනු ලැබීය. පසුව, අභිනවයෙන් රාජකාරි ඇරඹූ සභාපති, බ්‍රිගේඩියර් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු උත්සව සභාව ආමන්ත්‍රණය කරමින් කෙටි දේශණයක් ද සිදු කළේය.

පසුව, එදින උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා වූ මහාචාර්ය කේමාල් ඩීන් මහතාට මෙම උත්සව අවස්ථාව අමතා දේශණයක් කිරීමට ආරාධනා කරනු ලැබිණි. අනතුරුව, මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිය දේශණය සිදුකරමින් මෙම විද්‍යාලය ආරම්භයේ සිටම හමුදා වෛද්‍ය ක්‍රමවේදයන් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලය විසින් දරන ලද උත්සාහය සිය පැසසුමට ලක් කළේය.

හමුදා වෛද්‍ය විද්‍යාලයට අභිනවයෙන් පත්වන ලද සභාපතිතුමන් විසින් උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් මෙම උත්සව සභාව අමතමින් එම විද්‍යාලයේ කාර්ය මණ්ඩලයට මෙන්ම එම අවස්ථාවට රැස්ව සිටි විශේෂ ආරාධිත අමුත්තන්ට ද සිය කෘතඥතාවය පළ කළේය. මෙදින පැවති විශේෂ උත්සව අවස්ථාව සඳහා සහභාගී වූවන් අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ ඇතුළු ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නිලධාරීන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, වෛද්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාවන්හී දන්ත වෛද්‍යවරුන් ඇතුළු අනෙකුත් ආරාධිත අමුත්තන් රැසක් ද වූහ. Sport media | Nike Air Max 270