Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th July 2020 07:00:50 Hours

සෞඛ්‍ය අවදානම, සංක්‍රමනය සහ නීති විරෝධී ක්‍රියාකාරකම් පිළිබද පුද්ගලයින් දැනුවත් කිරිමේ වැඩසටහනක් පවත්වයි

පවතින තත්ත්වය හමුවේ COVID-19 අවදානම පිළිබඳව සමාජයේ සියලුම පාර්ශවයන් දැනුවත් කිරීම, නීතිවිරෝධී සංක්‍රමණිකයන් හෝ වෙනත් ප්‍රදේශවලින් පැමිණෙන පුද්ගලයින් සහ සාමාන්‍ය ජනතාව ඇතුළු ආරක්ෂක කරුණු පිළිබද සෞඛ්‍ය නිලධාරීන්, ග්‍රාම සේවා නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, පොලිස් නිලධාරීන්, ධීවර ප්‍රජාව සහ සිවිල් වැසියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉකුත් අඟහරුවාදා (30) දින කන්දවාලෙයි සමුර්දි කාර්යාලයේදී පවත්වනු ලැබීය.

57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.ජී.එස්. සෙනරත් යාපා ගේ මඟ පෙන්වීම යටතේ 572 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව එක්ව ඔවුන්ගේ බලප්‍රදේශවල වෙසෙන සිවිල් වැසියන්ගේ ප්‍රයෝජනය සඳහා මෙම වැඩසටහන සංවිධානය කරන ලදී. එම අවස්ථාවට සම්බන්ද වූ ධර්මපුරම් පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරියෙකු සිවිල් ආරක්ෂක කරුණු පිළිබඳව රැස්ව සිටි පිරිස දැනුවත් කළේය.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහනේ අරමුණ වූයේ ප්‍රදේශීය අවශ්‍යතා පිළිබඳ ගම්වාසීන් සහ හමුදා භටයින් අතර අන්තර් සම්බන්ධතාවයන් වැඩි දියුණු කිරීම බැව් සේනාංකාධිපතිතුමන් විසින් අවධාරණය කරනු ලැබීය.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහනෙන් අනතුරුව, 57 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් මුහුද අසල කලපු පරිශ්‍රයේ ජිවත්වන ධීවර ප්‍රජාවගේ සම්බන්ධීකරණයෙන් එම ප්‍රදේශ ආශීතව නිරීක්‍ෂණයක නිරත විය. Running sports | New Jordans – Air Jordan 2021 Release Dates , Gov