Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th July 2020 16:13:13 Hours

නැගෙනහිර භටපිරිස් වසාදමා තිබූ පාසලක් ප්‍රතිසංස්කරණය කර නැවත විවෘත කරයි

23 වන සේනාංකය යටතේ ස්ථාපිත 231 වන බලසේනාවේ භටපිරිස්, 4 වන ගැමුණු හේවා බලඇණිය, 11 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 6 වන ගජබා රෙජිමේන්තුව සමඟ එක්ව වසාදමා තිබූ වැල්ලවාඩිය සිංහල මහ විද්‍යාලය ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව මඩකලපුව, කල්කුඩා පිහිටි සිරි සීලාලංකාර ප්‍රාථමික පිරිවෙණ ලෙස ඉකුත් අඟහරුවාදා (01) දින නැවත විවෘත කරන ලදී.

මීට පෙර වැල්ලවාඩිය සිංහල මහා විද්‍යාල පරිශ්‍රයේ පැවතුන ද මෙහි ප්‍රමාණවත් සිසුන් පිරිසක් නොසිටීම හේතුවෙන් පාසල වසර 10 ක් පමණ කාලසීමකට වසා දමා තිබුණි. අස්ගිරි පාර්ශවයේ මහනායක පූජ්‍ය නරම්පනාවේ ආනන්ද නායක හිමිපාණන්ගේ සහයෝගය ඇතිව දිඹුලාගල විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය දිඹුලාගල දේවාලංකාර හිමිපාණන්ගේ මූලිකත්වයෙන් ප්‍රදේශයේ සියලුම සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා මෙම පිරිවෙණ නැවත ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සඳහා නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේ සහයෝගය ලබාදෙන මෙන් ඉල්ලීමක් කර තිබිණි.

මෙම ප්‍රතිසංස්කරණ කටයුතු නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර ගේ උපදෙස් මත 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ධම්මික ජයසුන්දර ගේ මඟපෙන්වීම මත 231 වන බලසේනාවේ භටපිරිස්, බෞද්ධ භික්‍ෂුන් වහන්සේලාගේ සම්බන්ධීකරණයෙන් දානපතියන්ගේ සහයෝගය ඇතිව සිදුකරන ලදී.

ප්‍රතිසංස්කරණය කරන ලද මෙම පිරිවෙන ඉකුත් බදාදා (01) දින විවෘත කරනු ලැබූ අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර පළාත් අණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සහභාගි විය. සමාරම්භක උත්සවය අතරතුර, පූජ්‍ය දිඹුලාගල දේවාලංකාර හිමිපාණන් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා යුද්ධ හමුදාව දැක්වූ සහයෝගය පැසසුමට ලක් කළේය.

මෙම අවස්ථාවට 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ධම්මික ජයසුන්දර, 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු, 231 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජානක පල්ලේකුඹුර ඇතුළු ආරාධිතයින් රැසක් ද සහභාගී වූහ. latest Nike release | adidas Yeezy Boost 350