24th June 2020 14:29:20 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මඟින් පවත්වාගෙන යනු ලබන ජාතියේ ආරක්ෂකයින් නැමැති මුහුණු පොතේ නිල වෙබ් අඩවියට අද (24) බදාදා දිනට වසර තුනක් සපිරිණි.
එමෙන්ම, ජාතියේ ආරක්ෂකයින් නැමැති මුහුණු පොතේ වෙබ් අඩවිය ඉකුත් වසර තුන පුරාවට ඉතා සාර්ථක අයුරින් පවත්වාගෙන යාම වෙනුවෙන් නන් අයුරින් සහයෝගය ලබාදුන් පාඨක පිරිස් වෙත එම වෙබ් අඩවිය සිය හෘදයාංගම ස්තූතිය පිරිනමනු ලබයි.
මේ අනුව ‘ජාතියේ ආරක්ෂකයින්’ නැමති මුහුණු පොත ජාතික ආරක්ෂාවට අදාළ කරුණු සම්බන්ධයෙන් මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් මෙහෙයවනු ලබන ජාතිය ගොඩනැගිමේ කර්ත්‍යවයන් සහ ආපදා කළමණාකරණය, ප්‍රජා මූලික ව්‍යාපෘති, ප්රතිසන්ධානය, සාමය හා සමගිය ගොඩනැගීම, සමාජ සුභසාධන ව්‍යාපෘති යනාදිය සම්බන්ධයෙන් ද මහජනයා දැනුවත් කරනු ඇත.
අපි අපගේ මුහුණු පොත් වෙබ් අඩවි පිටුවට සහ එහි අඛණ්ඩ සාර්ථක දිගුකාලීන ගමනට සුබ පතමු! spy offers | Nike React Element 87