Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th May 2020 19:10:58 Hours

විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි නව රෙජිමේන්තු අධිපතිතුමන් භටපිරිස් අමතයි

විජයබාහු පාබල රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති බ්‍රිගේඩියර් සිසිර පිලපිටිය සිය ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව ඉකුත් සෙනසුරාදා (23) දින බෝයගනේ ප්‍රදේශයේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේ පිහිටි උත්සව ශාලාවේදී සෞඛ්‍ය උපදෙස් වලට මුල්තැනක්දෙමින් භටපිරිස් ආමන්ත්‍රණය කරනු ලැබීය. බ්‍රිගේඩියර් පිලපිටිය යුද්ධ හමුදා පිරිස් පාලන අධ්‍යක්‍ෂ සහ විජයබාහු පාබල රෙජිමේන්තුවේ 19 වන රෙජිමේන්තු අධිපති ලෙස ද රජකාරි කටයුතු ඉටුකරනු ලබයි.

එතුමන්ගේ දේශනය අතරතුරදී, කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීම වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග, විජයබාහු පාබල රෙජිමේන්තුවේ කාර්යභාරය, රට වෙනුවෙන් ඉටු කළ යුතු ජාතික රාජකාරි සහ එම රෙජිමේන්තුවේ කීර්තිය ආරක්‍ෂා කිරීම පිළිබඳව කරුණු අවධාරණය කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා එම රෙජිමේන්තු මූලස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, නිලධාරින් සහ සෙසු නිලයින් ද සහභාගී වූහ. ඉන් අනතුරුව පැවති සියළු නිල තේ පැන් සංග්‍රහයකින් පසු එදිනට නියමිත වැඩකටයුතු නිමාවට පත්විය. Running sport media | Yeezy Boost 350 Trainers