Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදා ජූඩෝ ක්‍රීඩකයින්ට මූල්‍යමය ත්‍යාග පිරිනමයි

වසර 18 ක් පුරාවට අඛණ්ඩව යුද්ධ හමුදා ජුඩෝ ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ දක්‍ෂතාවයන් නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු විසින් පසුගියදා අගය කරන ලදී.

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ඉකුත් සෙනසුරාදා (23) දින පැවති කෙටි උත්සවයකදී මෙම කණ්ඩායමේ සියලු දෙනාට සහ පුහුණුකරුවන්ට මූල්‍යම ත්‍යාග වවුචර් පිරිනැමූ මේජර් ජෙනරාල් රසිකා ප්‍රනාන්දු ඔවුන්ගේ අඛණ්ඩ ජයග්‍රහණය පිළිබඳ පැසසුමට ලක් කළ අතර අඛණ්ඩව ශූරතාවය රැකගැනීම පිළිබඳව ඔවුන්ට සුබ පැතුම් එක් කළේය. එමෙන්ම, යුද්ධ හමුදාවේ සහ පොදුවේ සියලුම ජූඩෝ ක්‍රීඩකයින්ට එතුමන් ප්‍රශංසා කළේය. Sports Shoes | Zapatillas de running Nike - Mujer