Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st May 2020 21:13:36 Hours

නිරෝධායන මධ්‍යස්ථානයන්හි යුද්ධ හමුදා සාමාජිකයින් දක්වන ආගන්තුක සත්කාර අගය කරමින් ‘Zam Zam’ පදනම වියළි සලාක පාර්සල් 150 ක් පරිත්‍යාග කරති

ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන්හි (QCs) නිරෝධායනය වන සිවිල් වැසියන් වෙනුවෙන් හමුදා නිලධාරීන් විසින් දක්වන ලද ආගන්තුක සත්කාරය අගය කරමින්, දෙහිවල පිහිටි ලාභ අරමුණු කර ගත් ප්‍රජා මූලික ප්‍රාදේශීය සංවිධානයක් වන ‘Zam Zam’ පදනමේ සාමාජිකයින් ඉකුත් බ්‍රහස්පතින්දා (21) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවී තෝරාගත් හමුදා පවුල් අතර බෙදාහැරීම සඳහා වියළි සලාක පාර්සල් 150 ක් පරිත්‍යාග කරන ලදි.

සෑම වසරකම රාමසාන් සමයේ රුපියල් මිලියනයක වටිනාකිමින් යුත් පරිත්‍යාගයක් කිරීමට ‘ආගමෙන් ඔබ්බට ගිය මනුෂ්‍යත්වය’ යන තේමාව යටතේ ස්ථාපිත මෙම සමාජ සංවර්ධන සංවිධානය මුස්ලිම් ප්‍රජා අරමුදල් යොදාගන්නා බවද අනාවරණය විය. ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන් වෙත පැමිණි පුද්ගලයන් රැකබලා ගන්නා ආකාරය තම සංවිධානය බෙහෙවින් අගය කරන බව අදාළ පරිත්‍යාගය සිදු කළ පරිත්‍යාගශීලි නියෝජිත පිරිස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අමතා ප්‍රකාශ කළේය.

මෙම පරිත්‍යාගය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ප්‍රදානය කිරීමේ අවස්ථාව සඳහා ‘Zam Zam’ පදනමේ සභාපති යූසුෆ් හනීෆා මහතා එක්විය. Nike air jordan Sneakers | Entrainement Nike