Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st May 2020 13:50:40 Hours

යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය වඩුක්කොඩෙයි ප්‍රදේශයේ අසරණ මවක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදෙයි

යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් දියත් කරනු ලබන අඩු ආදායම්ලාභි පවුල් වෙනුවෙන් නව නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතිය යටතේ තවත් නව නිවසක් යාපනය, වඩුකොඩෙයි ප්‍රදේශයේ අබලන්වූ නිවසක දුෂ්කරතා මධ්‍යයේ කුඩා දරුවෙකු සමඟ ජීවත් වූ මොහාන් උත්තරාජිනී මහත්මිය වෙනුවෙන් එම ආරක්‍ෂක සේනා මුලස්ථාන අරමුදලේ මුදල් මූල්‍ය ප්‍රතිපාදන යටතේ ඉදිකරදෙන ලදී.

51 වන සේනාංක මුලස්ථානය විසින් ඉකුත් බදාදා (20) දින සංවිධානය කරනු ලැබූ නව නිවස විවෘත කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය සහභාගි වූ අතර එම අවස්ථාවේදී නිවාසලාභි එම කාන්තාව වෙත සංකේතාත්මක වශයෙන් නව නිවස නිල වශයෙන් භාරදෙනු ලැබීය. 513 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ 11 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 5 වන ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස්හි තාක්‍ෂණික දැනුම හා ශ්‍රමදායකත්වය යොදාගනිමින් නව නිවස ඉදිකර තිබිණි.

යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලැබු මෙම ව්‍යාපෘතිය අගය කරමින් යාපනය ප්‍රදේශයේ පදිංචි දානපතියෙකු වන තාබොත්වරන් විශ්වනාදන් මහතා එම ප්‍රදේශයේ පානීය ජලය හිඟ බැවින් නව නිවස පිහිටි ඉඩම තුළ නළ ළිඳක් ඉදිකිරීමට මූල්‍ය අනුග්‍රාහකත්වය ලබාදුන්නේය.

නව නිවස විවෘත කිරීමේ අවස්ථාවට 51 වන සේනාංකයේ සේනාංකාධිපති, බලසේනාධිපතිවරුන්, වලිකාමන් ප්‍රාදේශීය ලේකම්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් ඇතුළු ප්‍රදේශවාසීන් රැසක් සහභාගි වූහ. url clone | Women's Nike Superrep