Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th May 2020 15:00:52 Hours

මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුමේධ පෙරේරා කෘෂිකර්ම, මහවැලි, ග්‍රාමීය සංවර්ධන හා වාරිමාර්ග අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස රාජකාරි අරඹයි

අතිගරු ජනාධිපති ගේඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් කෘෂිකර්ම, මහවැලි, ග්‍රාමීය සංවර්ධන හා වාරිමාර්ග අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත් කරන ලද මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ඒ.කේ.එස්. පෙරේරා ඉකුත් අඟහරුවාදා (19) දින කෘෂිකර්ම අමාත්‍යාංශයේ පිහිටි සිය කාර්යාලයේදී ආගමික වතාවත් මධ්‍යයේ පැවැති කෙටි උත්සවයකදී සිය රාජකාරි කටයුතු ආරම්භ කරනු ලැබීය. මේජර් ජෙනරාල් ඒ.කේ. පෙරේරා යුද්ධ හමුදා නිලධාරීන් අතර ‘සුමේධ’ යන නාමයෙන් මහත් ජනප්‍රියතාවක් හිමි කරගත් කීර්තිමත් යුද්ධ හමුදා නිලධාරීයෙකි.

මෙම උත්සවය අතරතුර, නව ලේකම්තුමන් විසින් සිය කාර්යාලයේදී ආගමික ආශිර්වාදයන් ලබාගැනීමෙන් අනතුරුව විධිමත් ලේඛණයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරී කටයුතු භාරගන්නා ලදී. මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුමේධ පෙරේරා ආර්.ඩබ්ලිව්.පී. ආර්.එස්.පී. යු.එස්.පී. එන්.ඩි.යු යන ජ්‍යෙෂ්ඨ නිලධාරී යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී තනතුර හොබවා යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලැබීය. වඩමාරච්චි මෙහෙයුමෙන් පසු එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව සිදුකරන ලද සියලුම හමුදා මෙහෙයුම්වලට එතුමන් සක්‍රියව සහභාගී වූ අතර යුද පෙරමුණේ සිය භටපිරිස් ක්‍රියාකාරීව මෙහෙයවූ කීර්තිමත් අණදෙන නිලධාරියෙකි. best Running shoes | Jordan 1 Mid Tropical Twist , Where To Buy , 554724-132 , Nike Air Max 96 green Men Running Shoes