Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th May 2020 03:58:01 Hours

ගැමුණු හේවා බලකායේ ජනාධිපති වර්ණ තැන්පත් කිරීමට නව ‘වර්ණ මණ්ඩපයක්’ ඉදිකරයි

ගැමුණු හේවා බලකාය වෙත පිරිනමා ඇති ජනාධිපති වර්ණයන්ට ගෞරවයක් හා පිළිගැනීමක් එක් කරමින් ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති, අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මණ්ඩලික හා යුද්ධ හමුදා පුහුණු අණසක ආඥාපති මේජර් ජෙනරාල් ටි.බී. බන්සජායා ගේ සංකල්පයකට අනුව එළඹෙන ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමගාමීව දියතලාවේ පිහිටි 1 වන ගැමුණු හේවා බළඇණි පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද විශේෂ ‘වර්ණ මණ්ඩපයක්’ තුළ එම වර්ණ ධජ තැන්පත් කරන ලදී.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හිටපු ජනාධිපති මෙන්ම එවකට සන්නද්ධ හමුදා සේනාධිනායක වූ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමන් විසින් වර්ෂ 1980 අගෝස්තු මස 15 වන දින ගල්ල පොදු ක්‍රීඩාංගණයේදී 1 වන ගැමුණු හේවා බළඇණිය වෙත ජනාධිපති වර්ණ හා රෙජිමේන්තු වර්ණ ප්‍රදානය කරන ලදී. එම වර්ණ වර්ෂ 2012 අගෝස්තු මස 15 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති සන්නද්ධ හමුදා සේනාධිනායක මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් විසින් කුරුවිට ගැමුණු හේවා බලකා රෙජිමේන්තු සරඹ භූමියේදී පැවැති වරණවත් පෙළපාලියකදී නැවතත් ප්‍රදානය කරන ලදී.

1 වන ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ආර්.පී.සී.ඒ. සමරනායක ගේ ආරාධනයකට අනුව ඉකුත් සිකුරාදා (16) දින පැවැති උත්සවයකට සහභාගි වූ මේජර් ජෙනරාල් සුරාජ් බන්සජායා සමරුඵලකය නිරාවරණය කර පීත්ත පටිය කපා අභිනවයෙන් ඉදිකළ ‘වර්ණ මන්දිරය’ විවෘත කර ජනාධිපති වර්ණ ඇතුලත් ලාංඡන එහි තැන්පත් කරන ලදී. Nike air jordan Sneakers | Nike Running