Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th May 2020 23:45:31 Hours

593 වන බලසේනාවේ භටපිරිස් කෝකිලායි ප්‍රදේශයේ අසරණ පවුල් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ තොගයක් බෙදාදෙති

මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ සහ 59 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත 593 වන බලසේනාවේ භටපිරිස් කෝකිලායි ධීවර ගම්මානයේ අඩු ආදායම්ලාභි පවුල් 50 කට වියළි ආහාර සලාක පාර්සල් තොගයක් ඉකුත් සිකුරාදා (15) දින බෙදාදෙන ලදී.

එම සිවිල් වැසියන් මුහුණදී ඇති ආර්ථික අපහසුතාවයට පිළියමක් ලෙස 593 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් වසන්ත පාලම්කුඹුර ගේ අධීක්‍ෂණය යටතේ මෙම වැඩසටහන සංවිධානය තිබුණි.

කෝකිලායි විහාරස්ථානයේ වත්මන් විහාරාධිපති පූජ්‍ය තිස්සපුර ශ්‍රී ගුණරත්න ස්වාමින් වහන්සේගේ මඟපෙන්වීම මත සංවිධානය කරනු ලැබූ මෙම උත්සවය සඳහා 19 වන ගැමුණු හේවා බළඇණියේ සහ 5 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීන් ඇතුළු අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ. මෙම වැඩසටහන සාර්ථකව පැවැත්වීම සඳහා භටපිරිස් විසින් සිය උපරිම සහයෝගය ලබාදෙන ලදී. Authentic Nike Sneakers | Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!