Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th May 2020 22:51:20 Hours

ආරක්‍ෂක නියෝජිතයින් පිරිස පොතුවිල් මුහුදු මහා විහාරයට එල්ල වී ඇති අනවසර ඇතුළුවීම් පිළිබඳව නිරික්‍ෂණය කරයි

ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ගේ ප්‍රධානත්වයෙන් යුත් ඉහළ පෙළේ ආරක්‍ෂක නියෝජිතයින් පිරිසක් බ්‍රහස්පතින්දා දින ඓතිහාසික දිඝවාපී රජමහා විහරයේ සිදුකල සංචාරයෙන් අනතුරුව මනික්කම්මඩු විහාරය වැඳපුදාගනිමින් එහි විහාරාධිපති පූජ්‍ය අඹගහපිටියේ සීලරතන ස්වාමින් වහන්සේ බැහැදැකිමට ද කටයුතු කළේය.

ඊරිගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති පූරාණ නටඹුන් හා පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත පුරාවස්තු වලින් පිරී ඓතිහාසික දීඝවාපි දාගැබේ මනික්කමඩු පරිවාර ස්තූප කන්දෙහි පැවැත්මට එරෙහිව ඇති අභියෝග හා නීතිමය ගැටළු පිළිබඳව වත්මන් විහාරාධිපති හිමියන් එහිදී එම නියෝජිත පිරිස වෙත කරුණු පැහැදිලි කළහ. නැ‍ඟෙනහිර පළාතේ පිහිටි මෙම පූජනීය බෞද්ධ සිද්ධස්ථානයට ඇතිවී ඇති බලපෑම් කවරේද යන්න මෙහිදි නියෝජිතයින් විමසුහ.

ඉන් අනතුරුව, නියෝජිත පිරිස පොතුවිල් හි පිහිටි පුරාණ මුහුදු මහා විහාරය වෙත පැමිණි අතර, එහිදී පැණනැගී ඇති අනවසර ඇතුළුවිම් ගැටළු පිළිබඳ සොයාබැලීය. පූජනීය ස්ථානයෙහි ඓතිහාසික වැදගත්කම සහ පුරාණ නටඹුන් වලින් සමන්විත විහාරස්ථානයේ ඉඩම් කොල්ලකරුවන් විසින් කොල්ලකෑමට ලක් කර ඇති ආකාරය පිළිබඳව වත්මන් විහාරාධිපති වරකාපොල ඉන්ද්‍රසිරි ස්වාමින් වහන්සේ විසින් නියෝජිත පිරිසට එහිදි වැඩිදුරටත් විස්තර කළේය.

මෙම පූජා භූමියේ පැවැත්මට අදාළ කරුණු පිළිබඳව අවධානය යොමු කළ ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න එම ස්ථානයට උපරිම ආරක්ෂාව ලබා දෙන ලෙස වැඩබලන පොලිස්පති, අම්පාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ නාවික හමුදාපතිවරයාට උපදෙස් දුන්නේය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ අනෙකුත් අදාළ ආයතන සමඟ සාකච්ඡා කර වැඩිදුර කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කරන බවට ද නියෝජිත පිරිස එහිදී සහතික විය.

එහිදී, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ භික්ෂූන් වහන්සේලා අතර කෙටි සාකච්ඡාවක් පැවැති අතර ඒ සඳහා මඩකලපුවේ ශ්‍රී මංගලාරාමයේ පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමිපාණන් ද එක්විය. මුහුදු මහා විහාරය වෙත යන ගමනේදී මඩකලපුව ප්‍රදේශයේ සුනාමි ව්‍යසනය ඇතිවීමෙන් පසුව අඩක් ඉදිකරන ලද නිවාස ව්‍යාපෘතියක් ද නියෝජිත පිරිසගේ අධීක්‍ෂණයට ලක්විය.

ඓතිහාසික මුහුදු මහා විහාරය, රෝහණ රාජධානියේ කාවන් තිස්ස රජතුමන්ගේ රැජිනවීමට නියමිතව සිටි කැළණි තිස්ස රජතුමන්ගේ දියණිය වන විහාර මහා දේවියගේ ගොඩබෑසීමේ ස්ථානය සනිටුහන් කරයි. පුරාණ වංශකථාවක් වන රාජාවලියේ දැක්වෙන්නේ ක්‍රි.පූ. දෙවන සියවසේදී මුහුද ගොඩගැලීමේ ස්වාභාවික විපතක් හේතුවෙන් කැළණි තිස්ස රජතුමන්ගේ දියණිය දෙවිවරුන්ව සතුටු කිරීම සඳහා රන් යාත්‍රාවක මුහුදට පාකර යෑවු අතර එම යාත්‍රාව ගසාගෙන ගොස් පොතුවිල් මුහුදු විහාරය අසල වෙරළට ගොඩගැසු බවයි. පසුව ඇය රුහුණු රාජධානියේ කාවන් තිස්ස රජතුමන්ගේ අඟබිසව බවට පත් වූ බැව් ජනප්‍රවාදයේ වැඩිදුරටත් සඳහන් වේ. Mysneakers | nike air barkley posite 76ers shoes for women Maximum Volume DJ4633-010 Release Date - SBD