Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th May 2020 17:15:33 Hours

රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි විරෝධාර නාවික හමුදා සෙබළුන් 121 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති බව කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි

අද (14) දිනයේ මාලදිවයිනේ (Maldives) සිට UL - 102 දරණ ශ්‍රී ලංකන් මගී ගුවන් යානය මගින් පුද්ගලයින් 283 දෙනෙකු දිවයිනට පැමිණෙන ලදී. එසේ පැමිණි ඔවුන් සියළු දෙනා යුද්ධ හමුදාව විසින් මෙහෙයවනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කරන ලදී.

ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන පෙරියකාඩු (111), මංකිබ්‍රිඩ්ජ් (153), පූනානි (98),අම්පාර (65), ලැයිසියම් කුරුණෑගල (62), හොටෙල් ඩොල්ෆින් (27) සහ නාවික හමුදා පවුල් නිරෝධායන මධ්‍යස්ථාන (170) යන නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් පුද්ගලයින් 686 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව, PCR පරික්‍ෂණය සිදුකර අද (14) දින තම නිවෙස් වෙත පිටත් කරන ලදී. ඒ අනුව, අද (14) දිනය වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 8846 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී තම නිවෙස් වෙත පිටව ගොස් ඇත. ­

එසේම, ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 37 ක් තුළ පුද්ගලයින් 2987 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටියි. නාවික හමුදාව තුළ අද (14) දිනය වන විට කොවිඩ් - 19 වෛරසය ආසාදිත වීරෝධාර රණවිරුවන් සංඛ්‍යාව 465 ක් වන අතර ඉන් 121 දෙනෙකු PCR පරික්‍ෂණ සිදුකර පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැර වී ඇත. එසේම, දැනට වීරෝධාර රණවිරුවන් 344 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

සාරංශය

මේ දක්වා නිරෝධායනය කරන ලද සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව - 8846

තවමත් නිරෝධායන ක්‍රියාවලියෙහි නිරතව සිටින පුද්ගලයින් සංඛ්‍යාව - 2987

ක්‍රියාත්මක වෙමින් පවතින නිරෝධායන මධ්‍යස්ථාන සංඛ්‍යාව - 37 Best jordan Sneakers | Nike News