Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th May 2020 22:00:29 Hours

යුද්ධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානවල මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි පුද්ගලයන් පුනරුත්ථාපන කිරිම තුළින් ඔවුන්ට යහපත් ජීවිතයකට මං පෙත් තනති

යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන ක්‍රියාවලිය සම්පූර්ණ කළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් 25 දෙනෙකු කන්දකඩු හි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සඳහා ඇති ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයේ අවසර මත ඇතුළත් කර තිබේ.

මේ ආකාරයෙන් පුනුරුත්තාපන කදවුර වෙත යොමුකරනු ලැබූවේ මීට දින කිහිපයකට පෙර නාගලන්විදිය සහ තොටලග යන ප්‍රදේශවලින් කොඩිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති පුද්ගලයන් ඇසුුරු කළ පුද්ගලයින් පිරිසක් වන අතර, ඔවුන් දින 21 ක නිරෝධායනයකට භාජනය කිරිමෙන් පසු එම පිරිස අතර, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටි පුද්ගලයින් 233 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රංජිත්ඇල්විටිගල විසින් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් සඳහා ඇති පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත පොළොන්නරුව උසාවියෙන් ලබාගන්නා ලද අවසර මත ඇතුළුත් කරන ලදී.

කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මෙහෙයුම් මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් පරිදි මෙම පියවර ගන්නා ලද අතර, තවද මෙම පිරිස නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු ගේ මඟපෙන්වීම යටතේ ඔවුන්‍ගේ පවුල්වලට සහ සමාජයට වැඩදායක පුද්ගලයන් ලෙස කටයුතු කිරිමේ හැකියාව ඇති කරමින් පුනුරුත්තාන කටයුතු කිරිමට නියමිතය.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් 25 දෙනා නීතිමය කටයුතු වලින් පසු පුනුරුත්තාපන මධ්‍යස්ථානයට ඇතුළත් කරගැනිමෙන් අනතුරුව මාස 8 ක පුනරුත්ථාපන ක්‍රියාවලියකින් පසු ආපසු සිය නිවෙස් වෙත යැවීමට පෙර ඔවුන්ගේ විවිධ කුසලතාවන්ට සරිලන විවිධ වෘත්තීන් සඳහා ද පුහුණුවක් මෙම මධ්‍යස්ථානය වෙතින් ලබාදෙනු ලැබේ. Sportswear free shipping | FASHION NEWS