Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th May 2020 22:59:29 Hours

කොවඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් නිකුත් කරනු ලැබු අද (07) සාරාංශය

ඩුබායි (Dubai) සිට අද (07) දින උදෑසන ශ්‍රී ලංකන් මගී ගුවන් යානයක් මගින් පැමිණි සිසුන් සහ රාජ්‍ය සේවකයන් ඇතුළුව පුද්ගලයින් 197 දෙනෙකු නීරෝධායන කටයුතු සඳහා ත්‍රවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරනු ලැබු බව කොවඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය විසින් අද (7) දින නිකුත් කරන ලද මාධ්‍ය ප්‍රකාශයේ සඳහන් වේ.

මීට ඉහතදී, කොවිඩ් - 19 ආසාධිතයන් ලෙස හඳුනාගත් පුද්ගලයින් සමීපව ඇසුරු කළ මෝදර, රාජගිරිය හා කොලොන්නාව යන ප්‍රදේශයන් වෙතින් පුද්ගලයින් 72 දෙනෙකු ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානය වෙත නීරෝධායනය සඳහා රැගෙන යන ලදී. නමුත්, එම ආසාදිත යැයි වාර්ථා වූ පුද්ගලයන් තවදුරටත් සිදුකරන ලද PCR පරික්‍ෂණවලදී කොවිඩ් - 19 ආසාදනය වී නොමැති බව තහවුරු වීමත් සමඟ නීරෝධායනය සඳහා රැගෙන ගිය පුද්ගලයින් 72 දෙදෙනා ඔවුන්ගේ නිවෙස් වෙත නැවත පිටත් කර යවන ලදී. ඒ අනුව, ත්‍රිවිධ හමුදාවන් විසින් පවත්වාගෙන යනු ලබන පනිච්චන්කර්නි, මීයන්කුලම්, කටුකැලියාව, ගල්කන්ද, කල්පිටිය සහ හේකිත්ත යන නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් ද පුද්ගලයින් 148 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව, PCR පරික්‍ෂණය සිදුකර අද (07) දින තම නිවෙස් වෙත පිටත් කරන ලදී.

අද (7) දිනය වන විට ත්‍රිවිධ හමුදාවන් විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 5442 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී තම නිවෙස් වෙත පිටව ගොස් ඇත. ඒ අනුව ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 41 ක් තුළ පුද්ගලයින් 5182 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටියි.

එසේම, නාවික හමුදාව තුළ අද (07) දිනය වන විට කොවිඩ් - 19 වෛරසය ආසාදිත වීරෝධාර රණවිරුවන් සංඛ්‍යාව 366 ක් වන අතර බහුතරයක් කඳවුර තුලින් ආසාධිත වූ වීරෝධාර රණවිරුවන් වේ. (වැලිසර නාවික හමුදා කදවුර තුළ - 284, කදවුරෙන් පිටත වෙනත් ප්‍රදේශවල – 82) මාධ්‍ය ප්‍රකාශනයේ නිමාව.

සාරංශය:

මේ දක්වා නිරෝධායනය කරන ලද සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව - 5442

තවමත් නිරෝධායන ක්‍රියාවලියෙහි නිරතව සිටින පුද්ගලයින් සංඛ්‍යාව - 5182

ක්‍රියාත්මක වෙමින් පවතින නිරෝධායන මධ්‍යස්ථාන සංඛ්‍යාව - 41 trace affiliate link | UOMO, SCARPE