06th May 2020 21:22:00 Hours
කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (06) දින මධ්‍යහනේ පැවති මාධ්‍ය සාකච්ඡාවට කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සහභාගී වූහ.
"අද (06) දින උදෑසන එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර (London) සිට ශ්‍රී ලංකන් මගී ගුවන් යානයක් මගින් සිසුන් හා රාජ්‍ය සේවකයින් ඇතුළු පුද්ගලයින් 206 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දිවයිනට පැමිණෙන ලදී. එසේ පැමිණෙන පුද්ගලයින් සියළු දෙනා ත්‍රිවිධ හමුදාවන් විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකරනු ලැබිණි. එමෙන්ම, සිංගප්පූරුවේ (Singapore) සිට ශ්‍රී ලංකන් මගී ගුවන් යානයක් මගින් සිසුන් සහ රාජ්‍ය සේවකයන් ඇතුළුව පුද්ගලයින් 190 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (06) දින සන්ධ්‍යාවේ දිවයිනට පැමිණීමට නියමිතව ඇත.
යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ඩොල්ෆින් හෝටලය, පූනානි සහ කන්දකාඩු යන නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් පුද්ගලයින් 127 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව, PCR පරික්‍ෂණය සිදුකර අද (06) දින තම නිවෙස් වෙත පිටත් කරන ලදී. අද (6) දිනය වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 5188 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී තම නිවෙස් වෙත පිටව ගොස් ඇත. ඒ අනුව, ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 39 ක් තුළ පුද්ගලයින් 4819 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටියි. එමෙන්ම, නාවික හමුදාව තුළ අද (06) දිනය වන විට කොවිඩ් - 19 වෛරසය ආසාදිත වීරෝධාර රණවිරුවන් සංඛ්‍යාව 342 ක් වන අතර, අප්‍රේල් මස 30 දිනෙන් පසුව කඳවුරෙන් පිටත කිසිම ආසාදිත පුද්ගලයෙකු හඳුනාගෙන නැත.
හෙට (07) දින සිට ශ්‍රී ලංකාව පුරාවට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ. විශේෂයෙන්ම රජය විසින් නම්කර ඇති වෙසක් දින කිහිපය උදාවන අතර එය නීරෝධායන ඇඳිරි නීති කාල සීමාවක් තුළ පැවැත්වෙන හෙයින් එම දින කිහිපය මීට පෙර සිංහල අළුත් අවුරුද්ද සැමරුවා සේම නිවෙස් වලට වී සමරනු ඇතැයි විශ්වාස කරන බව” යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරනු ලැබීය.
සාරාංශය:
මේ දක්වා නිරෝධායනය කරන ලද සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව - 5188
තවමත් නිරෝධායන ක්‍රියාවලියෙහි නිරතව සිටින පුද්ගලයින් සංඛ්‍යාව - 4819
ක්‍රියාත්මක වෙමින් පවතින නිරෝධායන මධ්‍යස්ථාන සංඛ්‍යාව - 39
අද දින පැවති මාධ්‍ය සාකච්ඡාවේ සම්පූර්ණ වීඩීයෝ පටය පහතින් දැක්වේ: trace affiliate link | adidas Yeezy Boost 700 , Ietp