Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදා කැනෝයිං ශූරතාවලියේදී යුද්ධ හමුදා ක්‍රීඩකයින් කිරුළු පලදියි

2020 ජාතික කැනෝයිං සහ කයාකිං ශූරතාවලිය ත්‍රිවිධ හමුදා ක්‍රීඩා සමාජ ඇතුළු ක්‍රීඩා සමාජ රැසක සහභාගීත්වයෙන් දියවැන්නා ඔය පරිශ්‍රයේදී පැවැත්විණි.

යුද්ධ හමුදා ක්‍රීඩකයින් විවෘත (පිරිමි), විවෘත (කාන්තා) සහ 23 න් පහළ (පිරිමි) කාණ්ඩ යටතේ තරඟවැදුනු අතර තරඟාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට සමත් වූහ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජාතික කැනෝයිං සහ කයාකිං කමිටුවේ ගරු ලේකම් රියර් අද්මිරාල් (විශ්‍රාමික) අජිත් සමරසිංහ සහභාගී විය.

මෙම තරඟාවලියේදී යුද්ධ හමුදා ක්‍රීඩකයින් රන් පදක්කම් 30ක්, රිදී පදක්කම් 13ක් සහ ලෝකඩ පදක්කම් 04ක් දිනාගැනීමට සමත්වූහ. Sport media | Air Jordan Release Dates 2020