Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd April 2020 17:58:00 Hours

නිරෝධායන මධ්‍යස්ථාන තුලින් නිරෝධායන කටයුතු සම්පූර්ණ කළ මාතර ප්‍රදේශයේ කණ්ඩායමක් සිය නිවෙස් කරා පිටත් වෙති

යුද්ධ හමුදාව විසින් මෙහෙයවනු ලබන පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් සති තුනකට අධික කාලයක් නිරෝධායන ක්‍රියාවලියට ලක් වූ පුද්ගලයින් 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (23) දින පෙරවරුවේ අදාළ වෛද්‍ය උපදෙස් හා නිරෝධායන සහතිකපත් ලබාගැනීමෙන් අනතුරුව සිය නිවෙස් බලා පිටත්ව ගියහ.

ඔවුන්ගේ ප්‍රධාන ගමනාන්තය වන මාතර, හක්මන ප්‍රදේශය වෙත යනු ලබන එම පිරිසට යුද්ධ හමුදාව වෙතින් ප්‍රවාහන පහසුකම් ලබාදුන් අතර එම පිරිස් වෙත ගමන්වාරය තුළ පරිභෝජනයට ගැනීම වෙනුවෙන් දිවා ආහාර පාර්සල් මෙන්ම පිරිසිදු පානීය ජල බෝතල් ද ලබාදී තිබිණි. නිරෝධායන කටයුතු සම්පූර්ණ කර පිටත්ව යන පිරිසට සමුදීම සඳහා අදාළ නීරෝධායන මධ්‍යස්ථානයන්හී අණදෙන නිලධාරීන් පැමිණ සිටියහ. Running sport media | [169220C] Stone Island Shadow Project (The North Face Black Box) – Hamilton Brown, Egret