Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st May 2020 16:23:04 Hours

නිරෝධායන ක්‍රියාවලිය සාමාන්‍ය පරිදි ඉදිරියටත් සිදු කරනු ලබන බව කොවිඩ්- 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

ඉන්දියාවේ කල්කටාවේ (Kolkata) සිට UL-1188 දරණ ශ්‍රී ලංකන් මගී ගුවන් යානය මගින් පුද්ගලයින් 125 දෙනෙකු ඊයේ (30) දින සන්ධ්‍යාවේ දිවයිනට පැමිණෙන ලදී. ඔවුන් සියළු දෙනා පූනානි, මින්නේරිය හා පැල්වෙහෙර යන නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කරනු ලැබු බව කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඒ වගේම, ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වන ගල්කන්ද, වෙතින් පුද්ගලයින් 91 දෙනෙකු ද, කටුකෙලියාව වෙතින් පුද්ගලයින් 03 දෙනෙකු ද, ඩොල්ෆින් හොටෙල් වෙතින් පුද්ගලයින් 04 දෙනෙකු, නිපුන බූස්ස වෙතින් 06 දෙනෙකු සහ දම්මින්න වෙතින් 35 දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 139 දෙනෙකු දින 21 ක නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව, PCR පරික්‍ෂණය සිදුකර ඊයේ (30) දින සහ අද (01) යන දෙදින තුළ තම නිවෙස් වෙත පිටත් කරන ලදී.

අද (01) දිනය වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 4805 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන්වී තම නිවෙස් වෙත පිටව ගොස් ඇත. ඒ අනුව ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 37 ක් තුළ පුද්ගලයින් 4585 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටියි. Running Sneakers | Air Jordan