29th April 2020 21:32:12 Hours
කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (29) දින පස්වරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවට කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ද සහභාගී වූහ.
ඉන්දියාවේ නව දිල්ලි (New Delhi) සිට UL-1196 දරණ ශ්‍රී ලංකන් මගී ගුවන් යානය මගින් පුද්ගලයින් 144 දෙනෙකු අද (29) දින දිවයිනට පැමිණීමට නියමිතව ඇත. එසේ පැමිණෙන ඔවුන් සියළු දෙනා ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකිරීමට මේවන විට සියළු කටයුතු සූදානම් කර ඇත. ඒ අනුව යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන කටුකෙලියාව නිරෝධායන මධ්‍යස්ථානය වෙතින් පුද්ගලයින් 49 දෙනෙකු ද, දියතලාව නිවාඩු නිකේතන නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් පුද්ගලයින් 5 දෙනෙක් හා බූස්ස නිපුන නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 8 දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 62 දෙදෙනෙකු නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව, PCR පරික්‍ෂණය සිදුකර අද (29) දින තම නිවෙස් වෙත පිටත් කරනු ලැබු බව අද (29) දින පැවති මාධ්‍ය හමුවේදී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය.
අද (29) දිනය වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 4659 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන්වී තම නිවෙස් වෙත පිටව ගොස් ඇත. එසේම, නාරාහේන්පිට ප්‍රදේශයේ කොවිඩ් 19 වෛරසය ආසාදිත පුද්ගලයින් හමුවීමත් සමග ඊයේ (28) දිනයේ පුද්ගලයින් 69 දෙනෙකු දම්මින්න නිරෝධායන මධ්‍යස්ථානය වෙතට නිරෝධාන ක්‍රියාවලිය සඳහා යොමුකරන ලදී. එසේම, නාවික හමුදාවේ වෛරසය ආසාදිත වූ වීරෝධාර රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සහ ඔවුන් සමීපව ඇසුරු කරනු ලැබූ විවිධ ප්‍රදේශවලින් තවත් පුද්ගලයින් 184 දෙනෙකු ඊයේ (28) දින පොම්පේඩු නිරෝධායනය මධ්‍යස්ථානය වෙත නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකරන ලදී. ඒ අනුව ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 32 ක් තුළ පුද්ගලයින් 3609 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටින බව ද ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
වැලිසර නාවික හමුදා කදවුර තුළ අද (29) දිනය වන විට කොවිඩ් 19 වෛරසය ආසාදිත වීරෝධාර රණවිරුවන් සංඛ්‍යාව 147 ක් සහ කදවුරෙන් පිටත නිවාඩු මත සිට ආසාදිත වූ රණවිරුවන් සංඛ්‍යාව 79 ද, වශයෙන් නාවික හමුදාව තුළ මුළු ආසාදිත රණවිරුවන් සංඛ්‍යාව 226 දක්වා ඉහල යනු ඇත.
නිරෝධායන ක්‍රියාවලිය අවසන්වී නිවෙස් වෙත පිටව ගෙස් ඇති ගණන - 4659
දැනට නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායනය වන මුළු ගණන - 3609
දැනට ක්‍රියාත්මක වන නිරෝධායන මධ්‍යස්ථාන ගණන - 32
නාවික හමුදාව තුළ ආසාදනය වී ඇති සංඛ්‍යාව - 226
ඉහත මාධ්‍ය සාකච්ඡාවේ සම්පූර්ණ වීඩීයෝ පටය පහතින් දැක්වේ: Sports brands | Air Jordan Release Dates 2020