Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th April 2020 14:24:50 Hours

වැලිසර නාවික හමුදා කඳවුර හුදකලා කිරීමෙන් පසු කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ නාවික හමුදා සෙබළුන් 29 දෙනෙකු හඳුනාගනි

කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට ඉකුත් බදාදා (22) දින හදුනාගත් නිවාඩු ලබා සිටි පොලොන්නරුව ප්‍රදේශයේ නාවික හමුදා සෙබලා ඇතුළු වැලිසර නාවික හමුදා කඳවුරේ 30 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට PCR පරික‍ෂණ සිදුකිරීමෙන් අනතුරුව තහවුරුවීමත් සමඟ වහාම ක්‍රියාත්මක වන පරිදි නාවික හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත එම කඳවුරු භූමියම හුදකලා කිරීමට තීරණය කළ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ (NOCPCO) ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද (23) රාත්‍රී 8.30 ට පමණ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

වැලිසර නාවික හමුදා කඳවුරෙන් නිවාඩු ලබා සිටි පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචි නාවික හමුදා සෙබලාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට PCR පරීක්ෂණවලින් පසුව අනාවරණය විය. ඔහු ජාඇල, සුදුවැල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍යවලට අබ්බැහි වූ පුද්ගලයින් නිරෝධානය කටයුතු සඳහා යොමුකිරීමේ රාජකාරීවලට සහභාගී වී ඇති අතර, පසුකාලීනව ඔහුට ද කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබේ. එමෙන්ම මෙම නාවික හමුදා සෙබලා නිරෝධායන මධ්‍යස්ථානවල ද රාජකාරි කර ඇත. ඔහුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට පොලොන්නරුව ප්‍රදේශයේදී තහවුරු වීමත් සමඟ ඔහු නේවාසිකව සිටි භටනිවාසය, කාර්යාල පරිශ්‍රය සහ කඳවුර තුළ ඔහු සිටි ස්ථාන සියල්ල විෂබීජහරණයට ලක් කර ඇති අතර කඳවුරේ සිටින සියලුදෙනා PCR පරිකෂණයට ලක් කිරිමෙන් පසු නිරෝධායන ක්‍රියාවලියට ලක්කර ඇත.

ඒ අනුව, සෞඛ්‍ය උපදෙස් හා ක්‍රියා පටිපාටිවලට අනුකූලව සුදුවැල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කිරීම සඳහා සම්බන්ධ වූ සියලුදෙනා මෙන්ම නිවාඩු ලබා ඇති සියලුදෙනාවද නිරෝධායනය කිරීමට පියවර ගෙන තිබේ. අද දින (23) සන්ධ්‍යාව වනවිට කඳවුරු පරිශ්‍රය සම්පුර්ණයෙන්ම හුදකලා කර වැඩි වශයෙන් PCR පරීක්ෂණ සිදු කරමින් පවතී. (නිමාව)

මෙම ප්‍රකාශයේ සම්පුර්ණ විඩියෝව පහතින් දැක්වේ. Running Sneakers | Releases Nike Shoes