Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st April 2020 22:18:24 Hours

කොවිඩ් 19 වෛරසය පැතීරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, කොවිඩ් 19 උවදුර මැඩපැවැත්වීම වෙනුවෙන් ශ්‍රී ලංකාව සිදු කරනු ලබන වැඩපිළිවෙල පිලිබද ආරක්‍ෂක උපදේශකයින් යාවත්කාලීන කරයි

කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අද (21) දින සවස ශ්‍රි ලංකාවේ සහ විදේශ ආරක්‍ෂක උපදේශකයින් සමග කොවිඩ් 19 උවදුර මැඩලීම වෙනුවෙන් දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරියට සිදු කිරිමට නියමිත කරුණු සම්බන්ධයෙන් පුළුල් විමර්ශණයක් සිදු කරන ලදී.

මෙම හමුව සඳහා ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ගෲප් කපිතාන් ෂෝන් අන්වින් (Group Captain Sean Unwin), බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදෝරු සයිඩ් එම්. හකීම් (Commodore Syed M. Hakim), ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් සිකාස් සූඩ් (Captain Cikas Sood), ජපාන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් ගකු ෆුකුරා (Captain Gaku Fukaura), මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් ඉස්මේල් නසීර් (Lt Col Ismail Naseer), පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් සජාඩ් අලි (Colonel Sajjad Ali), රුසියානු සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ, හමුදා සහ ගුවන් ආරක්‍ෂක උපදේශක කර්නල් ඩෙනිස් අයි. ෂකෝඩා, (Colonel Denis I. Shkoda), මහා බ්‍රිතාන්‍යයේ එක්සත් රාජධානියේ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් ඩේව්ඩ් ඒ. අෂ්මාන් (Colonel Daved A. Ashman) සහ උතුරු අයර්ලන්තය සහ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ලුතිනන් කර්නල් ට්‍රැවිස් රේ කොක්ස් (Lt Col Travis Ray Cox) යන දෙස් විදෙස් ප්‍රවීණ ආරක්‍ෂක උපදේශකයින් පිරිසක් සහභාගී වූ අතර,මෙම විශේෂ හමුවේදී කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි වෙත කොවිඩ් 19 උවදුර මැඩපැවැත්වීම වෙනුවෙන් ගෙන ඇති පියවරයන්, නිරෝධායන ක්‍රියා පටිපාටි සහ නිරෝධායන මධ්‍යස්ථාන පැවැත්වීම, අවදානම් සහ ආසාදිත කණ්ඩායම් කළමනාකරණය, අභියෝග සහ පසුබෑම, අනාගතයේදි සිදු කිරිමට ඇති කාර්යයන්, පශ්චාත් කොව්ඩ්-19 උවදුර ගැටළු, ජාත්‍යන්තර බලපෑම, ත්‍රිවිධ හමුදාව සහ වෛද්‍ය නිලධාරීන්ගේ කාර්යභාරය මෙන්ම ඉදිරියේදී ඇතිවිය හැකි අභියෝග ආදිය පිළිබද පුළුල් සාකච්ඡාවක් පැවැත්විණි.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ කාර්යබහුලත්වය නොතකා එක්සත් ජනපද ආරක්ෂක හමුදාව මේ පිළිබඳව ඵලදායී විද්වත් සාකච්ඡාව සඳහා ආරාධනා කිරීම පිළිබඳව සිය ස්තූතිය පුද කළහ. කොවිඩ්-19 උවදුරට එරෙහි සටනේදී ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ කැපී පෙනෙන කාර්යභාරය ගැන ප්‍රශංසා කළේය. එසේම, බංගලාදේශ ආරක්ෂක උපදේශක ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුළ ජංගම රථ මගින් ජනතාව වෙත විවිධ ආහාර බෙදාදීම සඳහා ත්‍රිවිධ හමුදාවේ ප්‍රවේශයන් පිළිබඳව ද එහිදි අදහස් හුවමාරු විය. නිල ඇඳුමින් සැරසී සිටින 'හමුදා නිලධාරියෙකු' ලෙස ඔවුන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට තමා සැමවිටම සුදානම් බැවින්, ඔවුන් කැමති ඕනෑම මොහොතක මෙම ව්‍යසන තත්වය පිළිබඳ සාකච්ඡා කිරිම සඳහා තමා සම්බන්ධ කර ගන්නා ලෙස ලුතිනන් ජෙනරාල් සිල්වා එම විද්වත් මණ්ලයෙන් එම අවස්ථාවේදී ඉල්ලීමක් ද කළේය.

ආරක්ෂක අමාත්‍යාංශයේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි මෙම සාකච්ඡාව සූදනම් කරනු ලැබු අතර, ක්‍රියාන්විත අධ්‍යක්‍ෂක මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් හරේන්ද්‍ර රණසිංහ සහ කොවිඩ් 19 වෛරසය පැතීරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සැලසුම් සම්බන්ධීකරන නිලධාරී බ්‍රිගේඩියර් කපිල දොලගේ යන නිලධාරීන් ද යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී පැවති මෙම විද්වත් සාකච්ජාව වෙනුවෙන් සහභාගී වී තිබිණි. Nike air jordan Sneakers | Nike Shoes