Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th April 2020 12:47:49 Hours

“කොවිඩ් 19 උවදුරට එරෙහිව මෙතෙක් ගත් ක්‍රියාමාර්ගයන් ඒ ආකාරයෙන්ම අනුගමනය කරමින් එම උවදුර මැඩලීමට කටයුතු කරන මෙන්“ කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානිගෙන් ඉල්ලීමක්

“කොවිඩ් 19 වසංගත උවදුර මෙරට තුළ යම්තාක් දුරට පාලනය කිරිමට සැමට හැකිවීම පිළිබද මෙරට ජනතාවට අපගේ ගෞරවය හා අගය කිරිම ලැබීය යුතු මෙන්ම එම තත්ත්වයන් මනා පාලනයකින් යුතුව ඉදිරියටත් පවත්වා ගෙන යාම ජනතාවගේ මූලික යුතුකම හා වගකීමයි. අතිගරු ජනාධිපති සහ ගරු අග්‍රාමාත්‍යවරයා විසින් රටේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා අවදානම් නොවන පළාත්වල ඇදිරි නීතිය ලිහිල් කිරිමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඇදිරි නීතිය ලිහිල් කරනු ලැබුවත් එය අවභාවිතා වන අයුරින් වැඩ කටයුතු නොකළ යුතුයි. තවද අත්‍යවශ්‍ය සේවාවන් සිදු කිරිමට පමනක් පිටතට යනලෙසත්, පොදු ස්ථානවලට කණ්ඩායම් වශයෙන් එක්රැස් නොවී මෙය අප සැවොම සැමගේ යහපත උදෙසා ඉටු කළ යුතුකමක්” බව කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද (19) දින උදැසන හිරු ටී.වී සහ දෙරණ අරුණ යන රූපවාහිණි නාලිකා වෙත විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ප්‍රකාශ කළේය.

එමෙන්ම අදාළ සම්මුඛ සාකච්ඡාවන්හි වීඩීයෝ දර්ශන පහතින් දැක්වේ. Asics footwear | adidas Campus 80s South Park Towelie - GZ9177