Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th March 2020 20:00:40 Hours

අක්කරායන්කුලම් පිහිටි ඇමරිකානු ලංකා මිෂනාරි දේවස්ථානය ශ්‍රමදාන ව්‍යාපෘතියක් මඟින් පිරිසිදු කරයි

අක්කරායන්කුලම් පිහිටි ඇමරිකානු ලංකා මිෂනාරි දේවස්ථානයේ බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව, 65 වන සේනාංකය යටතේ ස්ථාපිත 652 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් විසින් පසුගියදා ප්‍රදේශවාසීන් සමඟ එක්ව එම දේවස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් දියත් කරන ලදී.  

මෙම ශ්‍රමදාන ව්‍යාපෘතිය 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩි.එම්.එච්.ඩි. බණ්ඩාර ගේ උපදෙස් මත 652 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ දියත් කරනු ලැබීය. latest Nike Sneakers | シューズ