Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th March 2020 15:02:35 Hours

මැක්සිස් ‘තුරු වියන’ රුක් රෝපණ ව්‍යාපෘතියේ දෙවන අදියර ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී දියත් කරයි.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව පරිසර අලංකාරය හා වන සම්පත් වන සම්පත් නගා සිටුවීම සඳහා වන ජාතික මෙහෙවරට තවත් එක් පියවරක් තබමින් ‘මනුසත් දෙරණ’ රුක් රෝපණ වැඩසටහනට සමගාමීව අද (10) දින උදෑසන මැක්සිස් ‘තුරු වියන’ නමින් දැවැන්ත රුක් රෝපණ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රවීණ රංගන ශිල්පි රවීන්ද්‍ර රන්දෙණිය මහතා සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පාබල අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙන්ම ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක සම්බන්ධ විය.

සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු මුලස්ථානයේ අණදෙන නිලධාරී මේජර් සමීර දිසානායක විසින් පිළිගැනීමේ දේශනය සිදුකරන ලදී.  මෙම අවස්ථාවට වටිනාකමක් එක් කරමින් ප්‍රවීණ රංගන ශිල්පි රවීන්ද්‍ර රන්දෙණිය මහතා රැස්ව සිටි පිරිස අමතමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිවෘද්ධිය සඳහා දැඩි විනයකින් හා මනා සහයෝගිතාවයෙන් වැඩකිරීමේ ඇති වැදගත්කම ඉස්මතු කළේය.

මෙහිදි තවදුරටත් රැස්වූවන් ඇමතූ ටයර් හවුස් සමූහ ව්‍යාපාරයේ (Tyre House Group) කළමනාකාර අධ්‍යක්‍ෂ සුනිල් ෆොන්සේකා මහතා වර්තමානයේ හරිත පරිසරයක් ඇති කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කළේය.

ඉන් අනතුරුව, මෙම අවස්ථාවට සහභාගී වූවන් අනෝදා, දූරියන්, දිවූල්, අඹ, පොල් ආදී පැළ 100 කට අදික ප්‍රමාණයක් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ රෝපණය කරන ලදී.

තවද, මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ සභාපතිනි පියුමාල් මුදන්නායක මහත්මිය, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අජිත් පල්ලේවල, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ ලේකම් පද්මිනි පල්ලේවල මහත්මිය, ‘මනුසත් දෙරණ’ සාමාජිකයින්, මැක්සිස් ටයර් සමුහ ව්‍යාපාරයේ සාමාජිකයින්, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මාණ්ඩලික නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගී වූහ.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව මෙතැන් සිට රෙජිමේන්තු අධිපතිතුමන්ගේ සමීප අධීක්‍ෂණය යටතේ පැළ 1500 ක් රෝපණය කරමින් මෙම ව්‍යාපෘතිය පුළුල් කිරීමට අපේක්ෂා කරන අතර ජාතික වනාන්තරය වැඩි කිරීම සඳහා පැළ හා කෘෂි වන වගා පද්ධති රෝපණය කිරීම සඳහා නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශවල ආවරණය කරමින් රජය විසින් දියත් කරනු ලබන පරිසර හිතකාමී හරිත ව්‍යාපෘති සංකල්පයට සමගාමීව මෙය සිදු කෙරේ. latest Nike Sneakers | Nike nike dunk high supreme polka dot background , Gov