10th February 2020 15:30:20 Hours
වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ දැක්මට අනුව 141 වන බලසේනාවේ භටපිරිස් ඉකුත් ඉරිදා (09) දින මාඔය සිට පලන්ගතුරේ දක්වා මුහුදු තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් දියත් කරන ලදී.
141 වන බලසේනාව, 5 වන විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 60 දෙනෙකුට අධික පිරිසක් එක්ව මෙම වෙරළ තීරයේ කිලෝමීටර 3 ක පමණ දුරක් පිරිසිදු කරන ලදී. Asics footwear | Zapatillas de running Nike - Mujer